ශ්‍රී ලංකා රග්බි පිටියේ දිගු ඉතිහාසයක් ඇති 'හැව්ලොක්ස්' ක්‍රීඩා සමාජය මෑත කාලීනව නවී කරණය වූ ක්‍රීඩා සමාජ වල ගොදුරක් වෙමින් ඉතා දුර්වල තත්ත්වයකට වැටී තිබුණද,මේ වසරේ යළි පිබිදෙමින් උපරිමයට පැමිණ මෙවර පළමු පෙළ රගර් තරගාවලියේ පෙරමුණේ රැදෙන්නට සමත් වී සිටියි.තරග 10 ට සහභාගි වී ඉන් තරග 9 ක්ම ජයග්‍රහනයෙන් අවසන් කරමින් ලකුණු සටහනේ පෙරමුණේ සිටින හැව්ලොක් ක්‍රීඩා සමාජයට දෙවැනි සිටින්නේ මෑත කාලිනව වැඩිම වරක් සූරයන් බවට පත් වෙමින් කැපී පෙණුන මහනුවර ක්‍රීඩා සමාජය යි.ඔවුන් සහභාගි වූ තරග 10 න් 8 ක් ම ජය ගෙන සිටියි.
ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම තෙවන තැනට පත් වී තිබෙන අතර මෙවර තරගාවලියට එක් වූ කදුරට සිංහ කණ්ඩායම මුල් කණ්ඩායම් හතර තුළ රැදී සටීමට සමත් වී සිටියි.කුසලාන තරගාවලියේ මුල් කණ්ඩායම් හතර එසේ තීරණය වෙද්දී පළග තරග අංශයේ පෙරමුණේ රැදෙන්නට ශ්‍රී ලංකා යුධ හමුදාව සමත් වී සිටින අතර තරග 10 ට සහභාගි වී පෙරමුණේ සිටින ඔවුන් හා සම ජයග්‍රහණ භුක්ති විදින පොලිස් කණ්ඩායම සහභාගී වූ තරග ප්‍රමාණයෙන් ගත් විට එකක් පසුපසින් දෙවන ස්ථානයේ පසු වෙයි.
www.supirikrida.com
No comments:
Post a Comment