Sep 10, 2012

ශ්‍රී ලංකාවට අවසාන පූර්ව වටයට පිවිසීමට අවස්ථාව?

ශ්‍රී ලංකාවේ පැවත්වෙන දකුණු ආසියාතික කාන්තා පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට බංගලාදේශ කණ්ඩායම පරාජයට පත් කර අවසාන පූර්ව වටයට පිවිසීමට අවස්ථාවක් තිබෙන බව ශ්‍රී ලංකා කණ්ඩායම් ආරංචි මාර්ග සදහන් කරයි.මෙම තරගාවලියේදී භූතානය පරාජයට පත් කරමින් (4 - 0) ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායමක් ලද ප්‍රථම අන්තර්ජාතික කාන්තා පාපන්දු ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකාව ඊයේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ගෝල 5 - 0 ක පරාජයක් ලැබුව ද,එය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර කාන්තා පාපන්දු තරග ඉතිහාසයේ යම් ප්‍රගතියක් පෙන්වන පරාජයක් බව පාපන්දු විචාරකයන්ගේ විශ්වාසය වෙනවා.
ඉන්දියාව සමග තරගයේ පෑ ක්‍රීඩා රටාව මෙන්ම මීට පෙර ඉන්දියාව හමු වූ අවස්ථාවන් දෙකකදී 8 - 0 සහ 7 - 0 ලෙස ලබා තිබූ පරාජයන්ට සාපේක්ෂව ගත් විට ද මෙම පරාජය තුළ කණ්ඩායම වර්ධනයක් ලබා තිබෙන බව එම විචාරක මත තහවුරු කරනවා.මේ අතර ශ්‍රී ලංකාව භූතානයට එරෙහිව 4 - 0 ලෙස ජය ලැබූව ද හෙට ශ්‍රී ලංකාව සමග තරග වදින බංගලාදේශ කණ්ඩායම භූතානය පරාජය කළේ 1 - 0 කින් වීම නිසා ශ්‍රී ලංකාවට හෙට තරගයේදී බංගලාදේශ්‍ය පරාජය කිරීමේ හැකියාවක් ලැබෙනු ඇතැයි එම විචාරකයන් විශ්වාසය පළ කරනවා.නමුත් ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකාව 5 - 0 ක් ලෙස පරාජය වුව ද,බංගලාදේශය සහ ඉන්දියාව අතර පැවති තරගයේදී ඉන්දියාව එම තරගය ජය ගත්තේ 3 - 0 ක් ලෙස බවත් මෙහිදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සැළකිල්ලට ගත යුතුයි.
ඒ නිසා හෙට ශ්‍රී ලංකා පෙර පෙළ සහ බංගලාදේශ පසු පෙළ(ආරක්ෂක අංශය) අතර ඇතිවන සටන තීරනාත්මක එකක් වනු ඇති බව විශ්වාස කළ හැකියි.ඒ නිසා එම අභියෝගය ජය ගැනීමට ප්‍රේක්ෂක ආශිර්වාදයද ඉතා වැදගත් බැවින් හෙට ප.ව. 3.30 වන විට ශ්‍රී ලංකා පාපන්දු ලෝලීන්ට ශ්‍රී ලංකාව දිරි ගැන්වීම සදහා කොළඹ සීආර් ඇන්ඩ් එෆ්සී ක්‍රීඩාංගණයට පැමිණිය හැකිනම් එය ශ්‍රී ලංකා කණ්ඩායමේ මානසික තත්ත්වය ඉහළ දැමීමට හේතු විය හැකි බව කණ්ඩායම් කළමණාකාරිනී සුධර්මා ජයවර්ධන සුපිරික්‍රීඩා වෙත ප්‍රකාශ කළාය.
ඡායාරූපයේ දැක්වෙන්නේ ශ්‍රී ලංකා ඉන්දීය තරගයේ අවස්ථාවකි.
www.supirikrida.com

1 comment:

Anonymous said...

fjlf moncler pas cher zheoyk polo ralph lauren pas cher trlkx http://abrcromsxfithmagasinns.webnode.fr/ k y i xl