කාසියේ වාසිය ලබමින් පළමුව පන්දුවට පහර දුන් බස්නාහිර කණ්ඩායම ලකුණු 150 ක් ලැබීය.එම ඉණිමේ දී කිසිදු පිතිකරුවෙකුට රිසි සේ ලකුණු අතරට පිවිසෙන්නට අවස්ථාව නොදුන් උතුර පන්දු යවන්නෝ හොදින් පන්දු යැව්ව ද,කෙටි ලකුණු රැස් කරමින් ලකුණු 150 සීමාවට පිවිසීමටබස්නාහිර ක්‍රීඩකයෝ සමත් වූහ.
පිළිතුරු ඉණිමට පිවිසි උතුර කණ්ඩායමට එරෙිව ද බස්නාහිර පන්දු යවන්නෝ හොදින් සිය කාර්යය ඉටු කළ ද,අවසාන භාගයේදී ධම්මික ප්‍රසාද් සහ තිළිණ තුෂාර යන දෙදෙනාට එරෙහිව චාමර කපුගෙදර එල්ල කළ සාර්ථක ප්‍රහාරය හේතුවෙන් උතුර කණ්ඩායම ජය ගැනීම වැළක්වීමට නොහැකි කරුණක් විය.මේ තත්ත්වය වෙනස් කිරීමට ඇතැම් විට හොදින් පන්දු යවමින් සිටි මොහොමඩ් මහමදුල්ලා යොදා ගත්තේ නම් හෝ තමාම පන්දු යැවිමට ඉදිරිපත් වුයේ නම් හැකියාවක් තිබුණු බව පෙනෙන්නට තිබුණ ද,නායක ඩිල්ෂාන් ජාත්‍යන්තර අත්දැකීම් ඇති ලාංකේය පන්දු යවන්නන් දෙදෙනා ගැනම වැඩි විශ්වාසය තැබීමත් මෙම පරාජයේ එක් හේතු සාධකයක් විය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571367.html සබදතාවය තෙරපා තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමට හැකියාව ඇත.
No comments:
Post a Comment