සනත් ජයසූරිය ද නියෝජනය කරන කදුරට කණ්ඩායම තිලාන් සමරවීරගේ පිතිහරඹයත් ෂොහේල් තන්වීර් ගේ පන්දු යැවීමත් ඉදිරියේ ජයග්‍රහණය කළ ද,සනත් ජයසූරිය යළිත් ඔහුටම පරාජය වෙමින් තමන් ගේ ඉතිහාසයටම සරදම් කරන තත්ත්වයට පත්විය.කලෙකට පෙර මහත් අභිමානයෙන් අපේ වචන තුළ මතුවුණු සනත් මේ වන විට නිවැරදිව පන්දුව දැකීම සහ කාල ගණනය කිරීමට ඇති අපහසුතාවය පිළිබදව අනවබෝධයෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට යාමෙන් සිය ඉතිහාසය විසින් ලබා දුන් ප්‍රශස්ත තත්ත්වයන් ක්‍රමාණුකුලව හිස් කර ගනිමින් අපකීර්තිමත් චරිතයක් බවට පත් වෙමින් සිටීම ඛේදයකි.
රාජ්‍ය දේශපාලනයට ද සම්බන්ධ චරිතයක් නිසා රජය ද අපහසුවට පත් කරන සුළු සනත් ගේ මේ ක්‍රියා කළාපයෙන් ඔහුට යම් කිසි මුදලක් ලැබෙනු විනා,මුදලට ගත නොහැකි රජයේ සහ තමන්ගේ කීර්තියට වන හානිය තේරුම් නොගැනීම ඔහු මහජන නියෝජිතයෙකු වුව ද අසරණ අදේශපාලනික චරිතයක් බව පැහැදිලි කරන්නේය.දේශපාලන ගෞරවය සහ කීර්තිය කියන දේ අලෙවි කිරීමට නොව රැක ගැනීමට තිබෙන දෙයක් යැයි අවබෝධ කර ගැනීමට තරම් වැඩුණු දේශපාලනික ඥාණයක් නොමැති ජයසූරිය,මේ වන විට සිය උපයාගත් ගෞරවයේ සහ කීර්තියේ ගිණුම හිස් කරමින් එයට මුදල් පුරවන්නෙකු පමණක් බවට පත්විම ලාකේය ක්‍රිකට් ඉතිහාසයේ වීරයාගේ චරිතය නිරුපනය කිරීම සම්බන්ධයෙන් අනාගතයට ගත හැකි තිබූ ආදර්ශය ක්‍රිකට් වලට අහිමි කිීමක් වීම විශාල ඛේදවාචකයකි.
එසේම මහජන නියෝජිතයෙක් ලෙස ද රටේ ක්‍රීඩාවේ අනාගතට දායකත්වයක් දැක්විය යුතු අයෙකු ලෙස මීට පෙර තරගවල යම් තරමක ප්‍රගතියක් පෙන් වූ ආරම්භක පිතිකරු කිත්රුවන් විතානගේ වැනි ක්‍රීඩකයෙක් පසු පෙළට ඇද දමා මුලින් පැමිණ හබල් ගසන්නෙකු ලෙස හැසිරී දැවී යාමෙන් එම ක්‍රීඩකයාට කරන ලද අපරාධයද සුළු කොට තැකිය නොහැකිය.ඒ නිසා ජයසූරියට තමන් ගේ උපයා ගත් සමාජ ආකර්ශනයට වඩා කෙසේ හෝ මුදල් ඉපයීමම පළමු කොට සිතිය යුතුද යන්න දරුවන් සිටින පියෙකු හැටියට දිය යුතු ආදර්ශයද යන්න ඔහුම සිතා බැලිය යුතුය.මාව ඉල්ලනවා යන්න ක්‍රීඩා කිරීමට හේතුවක් ලෙස දැක්වීමට යාමෙන් පලක් නැත.එය දේශපාලනික බලපරාක්‍රමය විසින් දෙන දානයක් මිස පසුගිය කාලයේ තමා ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කළ දුර්වල ආකාරය අනුව දක්ෂතාවයන්ට කරන ඇරයුමක් විය නොහැකි බව තේරුම් ගැනිමට ඔහුට හැකියාවක් තිබිය යුතු අතර අඩුම තරමේ ක්‍රිකට් බලන සියල්ලෝම අන්ධයන් නොවන බව හෝ තේරුම් ගැනීමට හැකි බුද්ධියක් හෝ ඔහුට තිබෙන බව අප විශ්වාස කරන බැවින් ලැබෙන ගණන සාක්කුවේ දමා ගෙන ඉදිරි තරග වලදි හෝ ක්‍රීඩාවට සහ සිය කණ්ඩායමටත් මේ රටේ අනාගතයට වටින ක්‍රීඩකයන්ටත් සේවය කිරීම වෙනුවෙන් කැපවීමට ඔහු බංකුවේ රැදී සිටීමේ තීරණයට එළැඹෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.
අපි ඔබ වයසට ගියත් ශක්තිවන්ත බව විශ්වාස කරන අතර එහෙත් ශක්තිය සහ වේගය යනු විෂයන් දෙකක් බව ඔබ නොතේරුම් ගන්නේනම් කණගාටුවට කරුණකි.ඔබේ ප්‍රතික්‍රියා වේගය පිළිබදව අපට පෙනෙන දේ ඹබට නොපෙනීම රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ අවාසනාවක් බවට පත් වෙමින් තිබීම විශාල ඛේදවාචකයක් බව අපි නැවතත් නැවතත් අවධාරණය කරන්නේ එබැවින්ය.
කෙසේ හෝ උතුර සහ කදුරා තරගයේ පළමුව පන්දුවට පහර දුන් කදුරට වෙනුවෙන් තිලාන් සමරවීර ගේ පිහිටෙන් ආරම්භක කඩුල්ලට ලකුණු 50 ක් එක් කිරීමට දැයක වූ සනත් ජයසූරිය ලකුණු 5 ට දැවී ගියේ පන්දු 10 ක් වැය කරමින්ය.සමරවීර හුදෙකලා සටනක නියැලෙමින් ලකුණු 71 ක් ලැබූ අතර ජීවන්ත කුලතුංග (31) සහ අවසාන මොහොතේ ප්‍රවේගකාරී ප්‍රහාරයක නිරත කෞෂාල් ලොකුආරච්චි (21) දැක් වූ දායකත්වය හේතුවෙන් කදුරට ඉණිම ලකුණු 168 දක්වා දීර්ඝ විය.
උතුර කණ්ඩායමේ පිළිතුරු ඉණිමේදී සෙහෙල් තන්වීර් ගේ පන්දු යැවිම ඉදරියේ ආරම්භයේම කඩා වැටීමක් දකින්නට ලැබුණු අතර යළි එය නවතාලිමට හැකි ශක්තියක් ප්‍රදර්ශනය නොවිණි.කිසිවෙකුට ලකුණු 20 සීමාවට පැමිණීමට නොහැකි වූ අතර සියළු දෙනා ලකුණු 105 ට දැවී ගියේය.තන්වීර් ලකුණු 32 ට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් විය.
තරගයේ ලකුණු විස්තරයට මේ සබදතාවය හරහා පිවිසීමට හැකියාව ඇත.http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571361.html
www.supirikrida.com

No comments:
Post a Comment