Aug 21, 2012

සරිපෝවා වසරේ හොදම කාලය වාර්තා කරයි

න්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 3000 බාධක දිවීම ඉසව්ව ජය ගත් රැසියාවේ යුලියා ෂැරිපෝවා මේ වසරේ එම ඉසව්ව සදහා වන හොදම කාලය වාර්තා කරමින් සැම්සුන් ඩයමන්ඩ් ලීග් තරගාවලිය යටතේ ස්විඩනයේ ස්ටොක්හෝම් හී පැවති තරගාවලියේ එම ඉසව්වේ ජයග්‍රාහිකාව වූවාය.ලබ්ඩන් ඔලිම්පික් උළෙලේදී ඇය මේ වසරේ වාර්තා වූ හොදම කාලය වාර්තා කරමින් ජය ගත් අතර යළි මෙම තරගයේදී නැවත දක්ෂතා අතරට පිවිසෙමින් වසරේ හොදම කාලය අලුත් කිරිම කැපී පෙණින.
තරගයේ මීටර් 1400 ක් ගෙවුණු තැන සෙස්සන්ගෙන් මිදි ඉදිරියට ඇදෙන්නට වූ යුලියා මීටර් 3000 දිව අවසන් කරන විට විද්‍යුත් කාලඝනකය ඇයගේ කාලය සටහන් කර තිබුණේ විනාඩි 9:05.02 ක් විය.තරගයේ දෙවන ස්ථානය ඔලිම්පික් රිදි පදක්කම් ලාභිණිය වූ හබිබා ගිර්බිට ම හිමි වූ අතර ඇය වාර්තා කළ කාලය විනාඩි 9:10.36 ක් විය.තෙවන ස්ථානය හිමි වූයේ ඉතියෝපියාවේ එතෙනේස් ඩිරෝට ය.ඇය වාර්තා කළ කාලය විනාඩි 9:14.07 කි.
www.supirikrida.com

No comments: