Aug 20, 2012

නෝර්ලංකා ක්‍රිකට් සූරතාවය ' ද ලෙජන්ට්ස්' දිනා ගනියි

'ද ලෙජන්ට්ස්'
'නෝ වොරියර්ස්'
සීමාසහිත නෝර්ලංකා මනුෆැක්චරින්ග් ආයතනය දෙවන වරට සිය සේවක කණ්ඩායම් අතර        පවත්වන්නට යෙදුණු, කොළඹ සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක වූ සත් සාමාජිකක්‍රිකට් තරගාවලියේ සූරතාවය කණ්ඩායම් 18 ක් අභිබවමින් රුමේෂ් ද සිල්වා නායකත්වය දැරූ 'ද ලෙජන්ට්ස්' කණ්ඩායම විසින් දිනා ගන්නට යෙදුණා.අනුසුරතාවය හිමිවූයේ ඉකුත් තරගාවලියේ සූරතාවය දිනූ ජූඩ් ශානක මෙහෙය වූ 'නෝර් වොරියර්ස්' කණ්ඩායමටයි.


නෝර්ලංකා මනුෆැක්චරින්ග්  ආයතනයේ විධායක අධ්‍යක්ෂ ජෙරල්ඩ් පෙරේරා ගේ ප්‍රධානත්වයෙන් පැවති ,කණ්ඩායමකට ක්‍රීඩකයන් පස් දෙනෙකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඇතුළත් වන ආකාරයෙන් සංචිතය සෑදුනු මෙම තරගාවලියේ ‍වීරයා ලෙස ජූඩ් ශානක කුසලාන දිනා ගත් අතර දක්ෂතම පිතිකරුවා වූයේ රුමේෂ් ද සිල්වා යි.හොදම පන්දු යවන්නා ලෙස නොර් වොරියර්ස් කණ්ඩායමේ ඉන්දික ජයසේකර කුසලාන දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව වූයේ නෝර් වොරියර්ස් කණ්ඩායමේ සුමුදු නිමේෂානි යි.
ඡායාරුපවලින්  දැක්වෙන්නේ ජයග්‍රාහී 'ද ලෙජන්ට්ස්' කණ්ඩායම සහ අනු සූරතාවය දිනූ 'නෝ වොරියර්ස්' කණ්ඩායම්ය.
www.supirikrida.com

No comments: