ආසියානු දැල්පන්දු තරගාවලිය ඇරඹිමට තව ඇත්තේ එක් දිනකි.මීට පෙර ආසියානු තරගාවලිය ශ්‍රී ලංකාවේ සංවිධානය වූයේ 2001 දී ය.එදා කණ්ඩායමට 16 හැවිරිදි ගිෂාන්ති ජයකොඩි සහ තවත් නවක ක්‍රීඩිකාවක් වූ ශසිකා සමරසිංහ ද ඇතුළත් වූ අතර ඔවුන් දෙනොට ලංකාවේ ලකුනු යන්ත්‍රය ක්‍රියාත්මක කිරිම පවරා තිබිණ. ඒ අතරින් ශසිකා අවසාන වරට ශ්‍රී ලංකාව ආසියානු කුසලානය දිනා ගත් අවස්ථාවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව වූ අතර මෙවර ද කණ්ඩායමට ඇතුළත් ව සිටියි.
එම තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණය වාර්තා වූයේ ලකුණු 55 - 54 ක් ලෙස සිංගප්පුරුවට එරෙහිවය.දින එක හමාරක් පමණ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ තරග රටාව වීඩියෝ පට මගින් අධ්‍යයනය කරමින්පැමිණි සිංගප්පූරුව තරගයේ අවසාන විනාඩි කිහිපයට පිවිසෙන විටත් ලකුණු දෙකක පමණ පරතරයක් තබා ගෙන ඉදිරියෙන් සිටියේය.මේ අවස්ථාවේදී පුහුණුකාරිය හයසින්ත් විජේසිංහ එක් වරම අතිරේක ක්‍රිඩිකාවක් වූ ධම්මිකා මල්කාන්ති පිටියට කැදවීය.උපක්‍රමය සාර්ථක වූ අතර සිංගප්පූරු ක්‍රීඩිකාවන් සිය වීඩියෝ දර්ශන වල නොසිටි ධම්මිකා මල්කාන්ති ගේ යොමුවිම් අවබෝධ කර ගනිද්දී ඇය ශ්‍රී ලංකාවේ දැල සීමාව වෙත පැමිණෙමින් තිබූ පන්දු දෙකක් පමණ ඩැහැගෙන තිබිණි.අවසාන නලාව හැඩවෙද්දී ඒ වාසිය ශ්‍රී ලංකාවට එක ලකුණක තියුණු ජයක් ලබා දී තිබුණාය.එදා තීරණාත්මක ක්‍රීඩිකාව වූ ධම්මිකා මල්කාන්ති ද මෙවර කණ්ඩායමේ සිටින අතර ඊට අමතරව අද කණ්ඩායමේ සම නායිකාව වන ගයත්‍රි ලංකාතිලක ද කණ්ඩායමේ උන්නාය.
ගයත්‍රි,ශසිකා සහ ධම්මිකා හරුණු විට මෙවර තරගාවලියට සෘජුව සම්බන්ධ තවත් චරිත තුනක් වේ.එදා ක්‍රීඩිකාවක් ලෙස කණ්ඩායමට කැදවද්දි විශාල ගැටළු මතු කරමින් ඇය මහළු බව කිවද තරගාවලියේ ශ්‍රී ලංකා දැල ආක්‍රමණය කිරිමට එරෙහිව මහා පවුරක් මෙන් සිටි සන්ධ්‍යා ජයසූරිය ඇය ය.ඇය මෙවර දක්ෂ ක්‍රීඩිකාවන් රැක ගැනීමට සටන් කළ තේරීම් කමිටුවේ සාමාජිකාවක්ය.
අනෙක් දෙදෙනා මේ තරගාවලියේ 2001 දී කළ දේ නැවත කිරීමේ සහ දිනා සිටින කිරුල රැක ගැනීමේ අභියෝගයට සෘජුව මුහුණ දෙන්නෝය.ඒ අතරින් තමාරා ධර්මකීර්ති 2001 තරගාවලියේ මෙහෙයුම දියත් කළද දැල් පන්දු මුල් පුටුවේ උන්නේ ට්‍රික්සි නානායක්කාරය.මේ දෙදෙනාගේ වැඩ කලාවන් දෙකක් වූ බැවින් අර්බූද මතු වූ අතර තමාරා එවකට ක්‍රීඩා අමාත්‍යවරයා වූ ලක්ෂ්මන් කිරිඇල්ලගේ සහ ලේකම් රාමනුජම් ගේ සහ ක්‍රිඩා අධ්‍යක්ෂ ජෙනරාල් මිල්ටන් අමරසිංහ සියළු තරගාවලිය සම්බන්ධ වගකීම් පවරා තිබුණේ තමාරා ටය.
මේ තත්ත්වය නිසා ඇති වූ අවුල් සහගත තත්ත්වය ක්‍රීඩිකාවන්ට බලපෑම් ඇති කරන සුළු වු එකක් විය.ඔවුන්ට ඇදුම් දමා ගැනීමට බෑගයක් හෝ අලුත් ක්‍රීඩා ඇදුම් හෝ නොලැබිණ.මීට විරෝධය පා ක්‍රීඩිකාවන් තරග පිටියට ෂොපිං කවර වල සිය ඇදුම් ආයිත්තම් දමා ගෙන ආවේය.ඒ අතර ක්‍රීඩිකාවන් සිය වියදමෙන් මසා ගත් ක්‍රීඩා ඇදුම නැවත හරවා යැවීමට පරිපාලනය කටයුතු කළේය.තරගාවලිය ජය ගැනීමෙන් පසුව ද,ඒ තත්ත්වය වෙනස් නොවිණ.ඊට පසුවදා දහවල් මම එවකට සේවය කරමින් සිටි රාවය කාර්යාලයේ සිට හයසින්ත් ඇමතුවෙමි.වහාම ඔවුන් සිටි ට්‍රාන්ස් ඒෂියා හෝටලයට පැමිනිය හැකිදැයි විමසා සිටියාය.
මා යනවිට ක්‍රීඩිකාවන් සියල්ලමත් පුහුණුකාරියත් බලා සිටියේ තමාරා ධර්මකීර්ති එන තුරුය.තමාරා සියල්ලම ගලවා ගන්නා දේව දූතියක් ලෙස කවුරුත් සිතමින් සිටින බව පැහැදිළි විය.
'මේ ළමයි තරගෙ දිනලා ඇවිත් ගෙවල් වලට කෝල් කරලා,ඒ බිල ගෙවන්න බැ කියලා ෆෙඩරේෂන් එක කියනවා.දැන් හොටෙල් එකෙන් යන්න විදිහක් නෑ බිල ගෙවන් නැතුව,අපි මේ ටැමි එනකං ඉන්නෙ.' ඒ හයසින්ත්ය.
එවකට අධ්‍යක්ෂ ජෙනරාල්වරයා වූ මිල්ටන් අමරසිංහ ට මම එතැන සිටම දුරකතනයෙන් අමතා ඇති වී තිබෙන තත්ත්වය පැවසුවෙමි.ඔහු එය අමාත්‍යංශය විසින් බාර ගන්නා බවත් ක්‍රීඩිකාවන්ට ගැටළුවක් ඇති වන්නට නොදෙන බවත් පවසමින් වහා ක්‍රියාත්මක විය.ඒ සම්බන්ධයෙන් මා විසින් ලියන්නට යෙදුණ 'කදුළ සහ මදහස' නම් ලිපිය බොහෝ අගයමින් කතා කිරිමට ද හයසිනත් ඉදිරිපත් වූ අතර මෙවර ඇය එවැනි කදුළු නොවැටෙන පසුබිමක සිට තරගාවලිය මෙහෙය වන්නට සූදානමින් සිටින්නේය.
මෙවර එවැනි පසුබිමක් නැත.සියල්ල ලැබෙමින් පවතින්නේය.විදෙස් පුහුනුව පවා ලැබී ඇත.පහසුකම් පිළිබදව අමාත්‍යවරයාම සොයා බලන්නේය.කණ්ඩායම ශක්තිමත් කිරීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කැදවා ගැනීමට සුපිරික්‍රීඩා විසින් කළ කපුකම සාර්ථක කර ගැනීමට අමාත්‍යවරයා පැමිණියේ සිය දියණිය රෝහලේ සිටියදි ය.
'මේක කොහොම හරි දිනන්න ඕනි' අමාත්‍යවරයා මා විසින් කළ ඉල්ලීම භාරගත්තේ එසේ පවසමින්ය.
අනතුරුව අමාත්‍යවරයා ඒ කොහොම හරි දිනීම සදහා බොහෝ දේ ලබා දුන්නේය.මහජන බැංකුවේ අනුග්‍රාහක සම්ප්‍රාප්තියද සිදු වන්නේ එලෙසින්ය.තමාරා ද පහසුවෙන් වැඩ කරමින් සිටින්නේය.2001 දි ඇයට පැවරී තිබුණේ තරගාවලියේ මෙහෙයුම ය.මෙවර පරිපාලන මුල් පුටුවේ ඉන්නේද ඇයය.හයසින්ත් ට ද ගැටළු නැත.ඇය ට කන් දෙන පරිපාලනයක් ඇති වී ඇත.කණ්ඩායම ද නරක නැත.ඇතැම් විට අප මැදිහත්ව නැවත අත්දැකීම් බහුල ක්‍රීඩිකාවන් කණ්ඩායමට කැදවීමට පාර කපද්දී ඇතැම් අය පිළිගැනීමට විවිධ හේතු පෙන්නා දෙමින් කටයුතු නොකරන්නට මේ කණ්ඩායම තවත් හොද වන්නට තිබිණ.
'ළමයි ගේ හිතට ප්‍රශ්න එන්න බෑ' හයසින්ත් හැම විටම ළමයිට පහසුකම් අරං දෙන්න සටන් කළ පුහුණුකාරියක් ලෙස ඉතිහාසයේ තැනෙක ලියැවී ඇත.ඇය මේ දින වල ක්‍රීඩිකාවන්ට මාධ්‍යයට කතා කිරීමට පනවා ඇති වාරණය හේතුවෙන් ක්‍රීඩිකාවන්ගේ අවස්ථාව ලබා ගනිමින් මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන ආකාරයෙන් ඇති එකම ගැටළුව ඇයගේ වැටුප ගෙවා නොමැති වීම පමණක් විය යුතුය.අප එයද ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරිය වෙත් යොමු කළ අතර ඇය ඒ පිළිබදව ඉතා ඉක්මණින් සොයා බලන බව කිවාය.ඒ නිසා ඇයට ඉන් ඇතිවන පීඩනයද අඩු කර ගන්නට පුළුවන් ය.
මේ දිනවල ඇය කණ්ඩායමේ මානසික වර්ධනය පිණිස ඇය විසින් කරන ලද ප්‍රකාශ සහිත ලිපි ධනාත්මක ලිපි ලෙස ක්‍රීඩිකාවන්ගේ මානසික වර්ධනය පිණිස කියවන්නට දෙමින් සිටින බව වාර්තා වන අතර එය හරහා ද ඇය ක්‍රීඩිකාවන්ගේ මානසික වර්ධනය පිණිස ද කටයුතු කරමින් සිටින්නේය.
සිංගප්පූරුවේ පැවති ජාත්‍යන්තර තරගාවලියට සහභාගි වී පරාජය වි පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම අද වන විට ඉතා යහපත් මට්ටමක පසු වන්නේය.එම කණ්ඩායම පරාජය වූ පසුව පුහුණුකාරිය පැවසුවේ මෙම ආසියාතික තරගාවලිය වන විට එම කණ්ඩායම ආසියාව ජය ගැනීමට හැකි ලෙස සකසා ගන්නා බවය.ඇයට ඒ සදහා විශේෂ මහන්සියක් වන්නට ඉඩ නොතබා අප මාධ්‍යකරුවන් විදිහට අකුරු වලම සිර නොවි සිට අමාත්‍යවරයා හරහා නැවත ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් කැදවා දීමට පියවර ගත් නිසා ඇයට වැඩේ පහසු වී ඇත.
අප ප්‍රාර්ථනා කරන්නේ ජයග්‍රහණය ය.එහි කොටස් අපට අනවැසිය.එහෙත් පරාජය වුවහොත් අපට එහි කොටස් බෙදා දීමට සූදානමින් සිටින බව අපි දනිමු.ඒ නිසා කණ්ඩායම ශක්තිමත් කරීමට අපේද දායකත්වයක් තිබෙන බව සිහිකළ යුතු බව සිතුවෙමු.ඇතැම් විට එම දායකත්වය සම්පූර්ණයෙන් (පිරිසක් ඉවත් නොකොට) ලබා ගත්තේ නම් මේ වන විට තරගයකින් තොරවම ආසියාව ජයගත හැකි කණ්ඩායමක් සමග හයසින්ත්ට මේ ගමණට සූදානම් වන්නට තිබුණු බව අපි විශ්වාස කරන්නෙමු.එහෙත් ඉන්න කණ්ඩායමද ලෙහෙසියෙන් පරාජය කරන්නට හැකි කණ්ඩායමක් නොවන බව අපි විශ්වාස කරන්නෙමු.නිසි ලෙස ප්‍රයෝජනයට ගැනිමත්,නිසි තැන නිසි අය යෙදවිමත් යන්න ක්‍රීඩාවට ආදරය කරන රටට ප්‍රේම කරන පුරවැසියෙකුගේ යුතුකම විය යුතුය.ඒ දේ සිදුවන්නේ නම් මෙවර ද ආසියානු කුසලානය දිනා ගැනීමේ ගෞරවය ලංකාවට හිමි වීමට ඇති ඉඩ විශාලය.
සියල්ල යහපත්ව සිදුවන ජයග්‍රහණය පිලිබදව සටහනක් තැබිමට අපි බලාපොරොත්තුවෙන් සිටිමු!www.supirikrida.com
www.supirikrida.com

No comments:
Post a Comment