Aug 25, 2012

හොංකොං වලට එරෙහි දැවැන්ත ජයකින් ශ්‍රී ලංකාව කිරීටය රැක ගැනීමේ ගමණ අරඹයි

IMG_0411 copy.jpgටවන ආසියානු කුසලාන දැල්පන්දු  තරගාවලිය අරඹමින් ශ්‍රී ලංකාව සහ හොංකොං දේශය සමග පැවති තරගයෙන් ලකුණු 81 - 38 ක විශිෂ්ඨ ජයක් ලබන්නට ශ්‍රී ලංකාවට හැකිවිය.විදේශ වෘත්තීය ක්‍රීඩකයන්ගේ සහය ඇතිව ක්‍රීඩා කරන බවක් පවසමින් හොංකොං දේශය සම්බන්ධයෙන් යම් සැකයක් මතු වී තිබුණද ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ඒ සියල්ල බිද දමමින් තරගයේ සෑම කාර්තුවකම ඉදිරියෙනු සිටිමින් ක්‍රීඩා කළ අතර වඩාත්ම ඉදිරියට පැමිණි පළමු වටයේ වාසිය දිගින් දිගටම පවත්වා ගන්නට ද සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කරන පළපුරුදු ක්‍රීඩිකාවන් තිදෙනෙකු වන මරීෂා ප්‍රනාන්දු,ශසිකා සමරසිංහ සහ ගයත්‍රි ලංකාතිලක කැපී පෙනෙන ක්‍රීඩා රටාවක් පෙන්නුම් කළ අතර පළම කාර්තුවෙන් පසු ශ්‍රී ලංකාව ලබා ඇති වාසිය සැළකිල්ලට ගනිමින් ඇතැම් විට මේ ක්‍රීඩිකාවන් ඉවතට ගනිමින් ද ස්ථාන වෙනස් කරමින් ද ඉදිරි අවශ්‍යයතා පිළිබදව සැළකිල්ලට ගෙන කටයුතු කරන්නට අවස්ථාව උදාවිය.ඒ අවස්ථාවන් හී සමන්ති නිලූෂිකා ද සේමිනි අල්විස් ද තමන් බලාපොරොත්තු තැබිය හැකි ක්‍රීඩිකාවන් බව සනාත කළේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පමණක් නොව සමස්ත ලංකාවම වැඩිම විශ්වාසය තබා තිබෙන තර්ජනී ශිවලිංගම් එම විශ්වාසය ද නායකත්වය ද පන්දුවේ බරට එකතු කර ගෙන තිබෙන බවක් පෙනෙන්නට තිබුණු අතර සිදු නොවිය හැකි වැරදි කිහිපයක් ඇති වූයේ ඇය එවැනි අනවශ්‍යය පීඩනයක ගොදුරක්ව සිටින නිසාදැයි සැක පහළ විය.ඒ නිසා ඉදිරියේදී ඉතා නිදහසේ තම ක්‍රීඩා රටාව දියත් කළ යුතු අතර පන්දුව ලබා ගැනීමේ, යොමු කිරීමේ සහ ලකුණු ලබා ගැනීමේ යාන්ත්‍රණයේදී කිසිවෙකු පීඩනයට ලක් වී සිටීම තරගයේ වාසිදායක තත්ත්වයන් අහිමි කර ගන්නට හේතුවක් විය හැකිය.ඒ නිසා ක්‍රීඩාවේ නියැලෙන විට සාමාන්‍ය ක්‍රීඩිකාවක ලෙස අසාමාන්‍ය බරක් නොදරා ක්‍රියා කිරිම ඉතා  වැදගත් වන අතර තර්ජනී ගෙන් නායිකාවකට වඩා රටට  වැදගත් වන්නේ සහ රටේ මිනිසුන් දයාබරිතව බලා සිටින්නේ ඇය ගේ උසෙන් ලැබෙන ලකුණු යන්න සිතා ගැනීම වැදගත්ය.
ලකුණු 26 - 6 ක් වූ ශ්‍රී ලංකා - හොංකොං තරගයේ ප්‍රථම වටයේ වාසිය 26 - 6 යන්න අවම කිරීමට කණ්ඩායමකට පහසුවෙන් ළගා විය නොහැකි ලකුණු මට්ටමක සිට ක්‍රීඩිකාවන් අධි විශ්වාසයෙන් කටයුතු කිරිම හේතු  විණි දැයි සැකය.දෙවන කාර්තුව නිමාවන  විට සමස්ත ලකුණු විස්තරය  43 - 18 ක් වු අතර තෙවන කාර්තුව නිම වෙද්දී ලකුණු තත්ත්වය 43 - 26 ක් විය.තරගයේ අවසාන භාගය නිමාවන විට එම පරතරය සටහන් වූයේ ලකුණු 81- 38 ක් විය.
www.shpirikrida.com

1 comment:

අරවින්ද චන්ද්‍රපද්ම said...

මරු අප්පා. මේ මොකක් ගැනද කියන්නේ. ක්‍රිකට් ? කැරම් ? බැඩ්මින්ටන් ? එල්ලේ ? :-D