Aug 24, 2012

ගමේ පිහිණීම තටාගයට

ක්‍රීඩාව ගමට ගෙන යාම යටතේ පිහිණුම් ක්‍රීඩාව ගමට ගෙනයාම පෙරදැරි කර ගෙන පිහිණුම් තටාග පහක් ඉදිකර ජනතා අයිතියට පැවරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කරගෙන යන බව වාර්තා වෙයි.නාවලපිටිය,මාදම්පෙ,කුරුණෑගල,අම්පාර සහ මොණරාගල ප්‍රදේශවල ඉදිවන මෙම පිහිණුම් තටාග එළැඹෙන ඔක්තෝම්බර් මාසය වන විට ඉදිකර අවසන් කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශ ආරංචි මාර්ග තහවුරු කරයි.
වඩාත් විද්‍යානුකූලව ක්‍රීඩාව පවත්වා ගෙන යාම සදහා රජය ගන්නා උත්සාහයේ ප්‍රතිපලයක් ලෙස මෙම පිහිණුම් තටාග ඉදිවීම සිදුවන බව අමාත්‍යංශය අවධාරණය කරන අතර ඒ හරහා ජාතික තලයට ගමේ පිහිණුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිවිසීමට අවස්ථාවක් ඇති වනු ඇති බව පෙන්වා දෙයි.
www.supirikrida.com

No comments: