Aug 23, 2012

ජාතික දැල් පන්දු කණ්ඩායමට උපන් දින සාදයක්

සියානු කුසලානය සදහා සූදානම් වෙමින් සිටින ශ්‍රී ලංකා දැල් පන්දු කණ්ඩායමට ඊයේ හදිසි උපන් දින සාදයකට මුහුණ දෙන්නට සිදු වී තිබෙනවා.වර්ථමාන ශ්‍රී ලංකා නීතිඥ ක්‍රිකට් කණ්ඩායම් නායක අසේල පටබැදි සිය සංචිතයටම පැමිණ මෙම සුළු උපන් දින සාදය පවත්වා දැල් පන්දු කණ්ඩායමට සුභ පතා ගිය බව සුපිරික්‍රීඩා වෙත වාර්තා වෙනවා.සුපිරික්‍රීඩා සමීපතමයෙකු වන අසේල එම සිදුවීම ගැන අදහස් දක්වමින් ප්‍රකාශ කළේ,ආසියානු සූරියන් සමග සිය උපන් දිනය සුළුවෙන් හෝ සැමරීමට හැකිවීම භාග්‍යයක් බවයි.තම මිතුරෙකු හමුවීමට ගිය මොහොතක ඇති වූ සුහද කතා බහක් හරහා මෙම අවස්ථාව උදා වූ බව පවසන අසේල කෙසේ හෝ එම භාග්‍යවන්ත අවස්ථාව පිළිබදව තමාට තව දුරටත් සතුටු විය හැකි අන්දමේ ප්‍රතිපලයක් මෙවර ආසියානු කුසලානයේදී ලැබෙනු ඇතැයි ද එම ජයග්‍රහණය ලබා දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ධෛර්‍යය ලැබෙනු ඇතැයි ද අසේල විශ්වාස කරනවා.
වර්ථමාන ජගත් නීතිඥ ක්‍රිකට් කණ්ඩායම් අතර දෙවන තැනට වර්ගීකරණය වී තිබෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වන අසේල පළමු නීතිඥ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරගාවලියේ සුපිරිතම ක්‍රීඩකයා ලෙස ද තේරී පත් වුණා.
www.supirikrida.com

No comments: