අද ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව මුහුණ දීමට
නියමිත කොමන්වෙල්ත් කුසලාන තුන් කොන් තරගාවලියේ තීරනාත්මක අවසක් තරගයට ඕස්ට්‍රේලියානු
නායක මයිකල් ක්ලාක් ආබාධ මත සහභාගි නොවන බව වාර්තා වෙනවා. අවසන් තරග තුනකින් සමන්විත මෙම තරග අතරෙන් නිමා
වී ඇති තරග දෙක ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ජය ගෙන ඇති අතර එබැවින් අද ඇඩිලේඩ්
තණතිල්ල දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති කිරිම නොවැළක්විය හැකියි.
එසේම ශ්‍රී ලංකා කණ්ඩායමේ උප
නායක ඇන්ජලෝ මැතිව්ස් තරග කිහිපයකට පසුව අද උදෑසන තරගයට සහභාගි වීමට උචිත තත්ත්වයේ
සිටින්නේ දැයි විමසා බැලීමට නියමිත අතර ලසිත් මාලිංග ද ඇති වී තිබෙන ආබාධ තත්ත්වය
නිසා ක්‍රීඩා කිරීමට උචිත ද යන්න සොයා බැලීමට නියමිතයි. එසේම ඕස්ට්‍රේලියාව මේ තරගාවලිය තුළ දී
ක්ෂේවියර් ඩොරති දක්වන දස්කම් සැළකිල්ලට ගෙන අඩිලේඩ් තණතිල්ලේ තවත් දග පන්දු
යවන්නෙකු යොදවා පන්දු යැවීමට ඉඩක් ඇති බවද වාර්තා වෙනවා.එසේ වුවහොත් එම අවස්ථාව
නේදන් හර්ට්ස් ට හිමි වෙනවා.
ඕස්ට්‍රේලියාව සංවිධානය කරන
මෙම තුන්කොන් තරගාවලි වෙනත් විදේශ කණ්ඩායම් වලට සූරතාවය දිනා දෙමින් නිමා වූ
අවස්ථා වාර්තා වන්නේ ඉතාමත් කළාතරකින් වුව ද මේ වන විට ශ්‍රී ලංකාවේ දස්කම් ඉතා
ඉහළ මට්ටමක පවතිනවා.ඕස්ට්‍රේලියානු ජනමාධ්‍යය,සහ විශාල ප්‍රේක්ෂක සමූහය ද එම ජයග්‍රහණ
පිටුපස විශාල කාර්ය භාරයක් ඉටු කරනවා.නමුත් මෙවර තරගාවලියේ ඕස්ට්‍රේලියාවේ වෙසෙන
ශ්‍රී ලාංකිකයන් එම තත්ත්වය කණපිට හරවමින් විශාල ලෙස තරගවලට සහභාගි වීම ශ්‍රී ලංකා
ක්‍රීඩකයන්ට අතිරේක උත්තේජනයක් සපයා දුන්නා.
ඉතා ඉහළ මට්ටමකින් ක්‍රීඩාවේ
නියැලෙන සහ එහි ගුණාංග සුරකින කණ්ඩායමක් ලෙස තරගාවලිය තුළ සිටි නිසා මෙන්ම
තරගාවලියට සහභාගි වන විට එතරම් ප්‍රබල බලපෑමක් කළ හැකි මට්ටමේ නොසිටි බවක් පෙන් වූ
ශ්‍රී ලංකා කණ්ඩායම මානසික මට්ටමෙන් බිද වැට්ටීමේ ක්‍රියාවලිය පක්ෂග්‍රාහී ඕස්ට්‍රේලියානු
ජනමාධ්‍යය වෙතින් මග හැරී ගියා.නමුත් දෙවන අවසාන තරගයේ දී මහේල ජයවර්ධන ගේ හැසිරීම
අළලා ඇතැම් ජනමාධ්‍ය ප්‍රහාරයට පිවිසුණ ද, මධ්‍යස්ථ ජනමාධ්‍ය විසින් මහේල නායකයෙකු
ලෙස කළ මැදිහත්වීම ඇගයීම මෙන්ම විනිසුරුවන් එයින් නොනැවතී තරගය පුරාවටම කළ වැරදි
සහ එයින් ශ්‍රී ලංකාවට වන්නට ගිය හානිකර තත්ත්වයන් මෙන්ම පාඩු ද එම මාධ්‍යයන් විසින් උපුටා දක්වා තිබුණා.
සුපුරුදු පරිදි අදත් අඩිලේඩ්
පිටියට අඩුවක් නැතිව සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන් මෙන්ම එහි සිටින ඉන්දීය සහ
පකිස්තානු ක්‍රීඩා ලෝලීන් ගේ ආහිර්වාදයද ලංකාවට හිමිවීම පදනම් කර ගෙන අද ශ්‍රී
ලංකාව තීරණාත්මක තරගයේදී ඉහළ දස්කම් දක්වනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.විශේෂයෙන්
තරගාවලිය පුරාවටම මහේල සහ ඩිල්ෂාන් ලබා දුන් ආශිර්වාදාත්මක ආරම්භය මෙම තරගයේදී ද
අඛණ්ඩව පැවතීම වැදගත් අතර එය එසේ වීමම ඕස්ට්‍රේලියාව මානසික වශයෙන් ඇද දැමීමට
විශාල හේතුවක් වන වා නිසැකය.
No comments:
Post a Comment