ලොව සුපිරිතම පාපැදි සවාරිය වන ප්‍රංශ සවාරිය සත් වරක් ජයගත් ඇමෙරිකාවේ ලාන්ස් ආම්ස්ට්‍රෝන්ග් ට එම කිරුළ අහිමි වෙමින් පවතින බව වාර්තා වෙයි.ඒ තරග ජයග්‍රහණය සදහා ඔහු විසින් තහනම් උත්තේජක යොදා ගත් බවට තොරතුරු හෙළි වෙමින් පැවතීම නිසාය.සත් වරක් ප්‍රංශ සවාරිය ජය ගත් ආම්ස්ට්‍රෝන්ග් එම ජයග්‍රාහි අවස්ථා කිහිපයකටම මුහුණ දුන්නේ පිළිකා රෝගයට ප්‍රතිකාර ගනිමින් සිටියදී වීම නිසා ඔහුට ජයග්‍රහණයේ වීරත්වයට වැඩි යමක් එකතු වනු දකින්නට ලැබිණ.ලොව පුරා පිළිකා රෝගීන් වෙනුවෙන් සත්කාරයන් ප්‍රදානය සදහා ජනතා සංවිධාන සමග එකතු වෙමින් කටයුතු කළ ආම්ස්ට්‍රෝන්ග් සියළු පිළිකා රෝගීන් ගේ මානසික ශක්තිය පිණිස වූ පූර්වාදර්ශය විය.
පිළිකා රෝගයට ගනු ලබන ප්‍රතිකාර වල තහනම් උත්තේජක ද්‍රව්‍ය තිබිය හැකි අතර ඒ නිසා සිදුවිය හැකි අතිරේක උත්තේජනයන් හැරෙන්නට වෙනත් තහනම් උත්තේජක භාවිතයට ගෙ තිබේදැයි යන්න පිළිබදව මෙහිදි වැඩි පුර අවධානයට ලක් වනු ඇත.දැනටමත් මේ සම්බන්ධයෙන් ආම්ස්ට්‍රෝන්ග්ට ප්‍රංශ පාපැදි කිරුළ අහිමි කරමින් දඩුවම් පමුණුවීමට තීරණ ගෙන තිබෙන බවක් පෙනෙන්නට ඇති අතර නමුත් ජගත් ක්‍රීඩා බේරුම්කාර සභාව ඉදිරියේ සිය ගැටළුව ඉදිරිපත් කර ආම්ස්ට්‍රෝන්ග් විසින් තමා භාවිතයට ගත් ඖෂධ වල ඇත්තේ පිළිකා නාශක සදහා යොදා ගන්නා දේ පමණක් යැයි ඔප්පු කරන්නේ නම් ඇතැම් විට ආම්ස්ට්‍රෝන්ග් ගේ වීරත්වයට තව දුරටත් හානියක් නොවනු ඇත.
www.supirikrida.com
No comments:
Post a Comment