තරගයේ කාසියේ වාසිය ලැබූ නවසිලන්තය පළමුව පන්දුවට පහර රැකීමට තීරණය කළ අතර ඊට යහපත් ලෙස ප්‍රතිචාර දැක්වීමට සමත් වු ඉන්දියාව පළමු කඩුලු දෙක දැවෙන විට ලකුණු 133 දක්වා ලකුණු පූවරුව ගෙන ආවේ ඉන්දීය ඉණිම ලකුණු 250 ට සමීප වේ ය යන විශ්වාසය ඇති කරමින්ය.නමුත් පන්දුවෙන් (29/1) සහ පිත්තෙන් (44) දස්කම් දැක්වූ බබා අපර්ජිත් තෙවන කඩුල්ල ලෙස දැවී යාමෙන් පසුව තරගයේ වාසිය නවසීලන්තය දෙසට හරවා ගන්නට පන්දු යවන්නෝ සමත් වූහ.ඉන්දීය පළමු පිතිකරුවන් සිව් දෙනා (ප්‍රහාන්ට් චොප්රා 52,උන්මුක්ට් චාන්ද් 32,බබා අපර්ජිත් 44 සහ හනුමා විහාරි 22) හැරුණු විට කිසිදු ඉන්දීය පිතිකරුවෙක් ලකුණු 20 සිමාවට නො'පැමිණියේය.බෙන් හෝර්න් 28 / 3 සහ මැතිව් ක්වීන් 36/2 ඉන්දීය පිතිකරුවන්ට තර්ජනයක් වූ ප්‍රධානතම පන්දු යවන්නෝ වූහ.
පිළිතුරු ඉණිමට පිවිසි නවසිලන්තයට යහපත් ආරම්භයක් ලබා දීමට එහි මුල් පෙළ පිතිකරුවන් අසමත් වීම නිසා පසු පෙළට වන්නට ඕවරයකට විශාල ලකුණු සාමාන්‍ය වේගයක් පවත්වා ගෙන යාමේ අවධානම නවසීලන්තය පිට පැටවිණ.නවසිලන්තය වෙනුවෙන් කැම් ප්ලෙචර් ලකුණු 53 ක් ලබමින් තරගය නවසීලන්තයට හරවා ගැනීමට දැරූ උත්සාහයත් පසු පෙළ පිතිකරුවන් ප්‍රවේගකාරී වෙමින් දැරූ උත්සාහයත් මත ලකුණු 09 ක පරාජයක් දක්වා පරාජයේ වර්ගපලය අඩු කර ගැනීම හැර කිරීමට දෙයක් ඉතුරු නොවිණ.
විශේෂයෙන් ඉන්දීය වේග පන්දු යවන්නන් කඩුල් දවා ගත්තත් නවසීලන්ත පිතිකරුවන් ගේ පිතිවලට වැට බැදි ඉන්දීය පන්දු යවන්න් වූයේ බබා අපර්ජිත් සහ හර්මීට් සිං ය.සිය පන්දු ඕවර් 10 තුළ පිළිවෙලින් 29/1 සහ 30/2 ලෙස ලබමින් දැක් වූ දස්කම් ය.කෙසේ වුව ද ඉන්දීය මුල් පෙළ පිතිකරුවන් ලකුණු අතරට පිවිසීම මත ඔවුන්ගේ ඉරණම රැදී තිබෙන බැවින් ඕස්ට්‍රේලියාව සමග තරගයේදී ඒ තත්ත්වය ආරක්සා කර ගැනීම වැදගත්ය.
පහත ඇති සබදතාවය හරහා ඉන්දීය නවසිල්නත තරගයේ ලකුණු පූවරුවට පිවිසීමට අවස්තාව ඇත.http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554558.html
www.supirikrida.com
No comments:
Post a Comment