Aug 20, 2012

සචිත්‍ර ගේ විචිත්‍ර දස්කම් ඌව ට ජය කැදවයි

Sachithra Senanayake picked up 3 for 16ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ගේ සුපිරි පන්දු  යැවීම මෙන්ම අවස්ථානුකූලව පිතිකරුවෙකු ලෙස සිය පිත්තෙන් දායකත්වය ලබා දීමට ඇති හැකියාව තුළින් උතුර කණ්ඩායම සහ ඌව කණ්ඩායම අතර පැවති එස්එල්පීඑල් 20 -20 ක්‍රිකට් තරගයේ ජය හිමි කර ගැනීමට ඌව කණ්ඩායමට හැකි විය.සිය පන්දු ඕවර් 4 තුළ ලකුණු 16 ට කඩුලු 3 ක් දවා ගත් සචිත්‍ර ලකුණු අවශ්‍යයම මොහොතක පන්දු 6 ක් තුළ ලකුණු 12 ක් ලබමින් තරගය නිම වීමට පන්දු පහකට මෙපිටින් ජයග්‍රහණය තහවුරු කර දීමට සමත් විය.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් උතුර කණ්ඩායමේ ආරම්භය ඉතා ශෝකාකූල ස්වභාවයක් ගත් අතර ලකුණු නොලබා කඩුලු 2 ක් ලෙස පැවති උතුර ලකුණු පූවරුව ඉහළ දැමීමට නායක ජෙහාන් මුබාරක් හුදෙකලා සටනක නිරතවනු දකින්නට ලැබිණ.නමුත් පිතිකරුවෙකු ලෙස අත්දැකීම් ඇති වසර ගණනක් පළමු පෙළ තරගවලදී දස්කම් දැක්වුව ද,ක්‍රිකට් බලධාරීන්ගේ ඇස නොගැටෙන ජානක ගුනරත්නගේ වේගවත් පිතිහරඹයෙන් ලද ලකුණු 30 සමග උතුර කණ්ඩායමට ලකුණු 124 දක්වා සිය ලකුණු පූවරුව ඉහළ දමා ගැනීමට අවකාශ ලැබිණ.
එම ලකුණු ප්‍රමාණය හඹා යාමට පැමිණි ප්‍රතිවාදීන්ට එම ඉලක්කය අපහසු එකක් බවට පත් කළ,උතුර ක්‍රීඩකයෝ ලකුණු ලබා ගැනීම වළකමින් පන්දු යවමින් සහ පන්දු රකිමින් ද කඩුලු දවා ගනිමින් ද ප්‍රබල සටනක් දියත් කරන්නට වූහ.විශේෂයෙන් මාතර ශාන්ත තෝමස් විද්‍යලයෙන් බිහි වූ වර්ථමානයේ රාගම ක්‍රීඩා සමාජය නියෝජනය කරන මධුශංක ඒකනායක තර්ජනාත්මක පන්දු යැවීමක නියැලෙමින් සිය පන්දු ඕවර් 4 ලකුණු 13 ට කඩුල්ලක් දවා ගනිමින් නිම කිරීමට සමත් විය.නමුත් තවත් ප්‍රබල පිතිකරුවෙකු ලෙස මෙම තරගාවලිය හරහා ක්‍රිකට් ලෝකයටම කියා පාමින් සිටින ඩිල්ෂාන් මුණවීර මෙම තරගයේදී ද ඌව කණ්ඩායමට හොද ආරම්භයක් ලබා දෙමින් පන්දු 25 ක් තුළ ලකුණු 36 ක් රැස් කරන්නට සමත් විය.එම තරගයේ ලකුණු පූවරුව මේ සමග දැක්වෙයි
.http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571363.html
ඒ අතර බස්නාහිර සහ වයඹ අතර පැවති තරගයේ දී බස්නාහිර කණ්ඩායමේ සංයුතිය පිළිබදව යළිත් සැක උපදවමින් වයඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 67 ක විශාල පරාජයකට මුහුණ දුන්නේය.එම කණ්ඩායම තරගාවලිය පුරාම නායක ඩිල්ෂාන් මත පමණක් යැපෙන බවක් පෙන්වන අතර නමුත් වයඹ තරගයේදී කල් ඇතිව ඩිල්ෂාන් (09) දැවී යාමත් සමග හඹා ගිය ලකුණු 165 ක ඉලක්කය ක්‍රමයෙන් සිහිනයක් බවට පත් ව බොදව ගියේය.
වයඹ ඉණිම ඇරඹුම ප්‍රවේගකාරී වුව ද දග පන්දු යවන්නන් කැදවීමත් සමග තරගය පාලනය කර ගැනීමට බස්නාහිරට හැකියව ලැබිණ.ඊට පුරෝගාමී වෙමින් සචිත්‍ර සේනානායක තමීම් ඉක්බාල් ඉවත් කරමින් ඒ සදහා මග විවර කර දුන්නද නැවත ඔහු දෙස බැලීම ඩිල්ෂාන් විසින් අමතක කර දැමීම නිසා සචිත්‍රගේ පන්දු යැවිම එක පන්දු ඕවරයකින් නිමා විය.ඒ අනුව ඩිල්ෂාන් පන්දු යවන්නන් මෙහෙයවීමේ දී තමාට පන්දු යැවීමෙන් කළ හැකි දේ පිලීබදව පවා එතරම් විශ්වාසයකින් කටයුතු කරන බවක් නොපෙන්වන අතර ඔහුගේ පන්දු යැවීමද එක පන්දු ඕවරයකට ලකුණු 7 යි කඩුලු 1 යි ලෙස කියැවිණ.කෙසේ නමුත් පන්දු යැවීමේ බස්නාහිර පීඩනයට එරෙහිව කම්රාන් අක්මාල් තරගාවලිය පුරා දක්වන දස්කම් මේ තරගයේදී ත් දියත් කළ අතර ඔහු ලකුණු 65 ක් එක් කළේ පන්දු 46 කින් ය.
පිළිතුරු ඉණිමට පිවිසි බස්නාහිර වෙනුවෙන් ලකුනු 20 සීමාවට පිවිසි එකම ක්‍රීඩකයා වූ රයිලි රොසොව් පමණක් ලකුණු 20 ක් රැස් කළ අතර සෙසු ක්‍රීඩකයන්ගෙන් කිසිදු සහයක් නොලැබිණ.පන්දු යැවිමෙන් කැපි පෙණුන කෞෂාල්‍ය වීරරත්න ලකුණු 11  කඩුලු 3 ක් දවා ගත් අතර මෙම තරගයේදී ද විශිෂ්ඨ දස්කම් දැක් වූ පානදුර මහානාම විද්‍යාලයේ 19 වැනි වියට ආසන්න දකුණත් දග පන්දු යවන්නා අකිල ධනංජය,සිය පන්දු මිශ්‍රණයෙන් ප්‍රතිවාදින් ට තර්ජනයක් එල්ල කරන අයුරු මෙහිදී ද අපූරුවට පැහැදිළි කළේය.ලකුණු 15 ට කඩුලු 2 ක් දවා ගත් අකිල,ශ්‍රී ලංකා නායක මහේල ගේ වයඹ කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව බවට පත් වී තිබෙන අතර ඇතැම් විට මේ තත්ත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ අවධානයට ද එක් වීමට ඉඩ ඇත.
තරගයේ ලකුණු විස්තරයට පහත සබදතාවයෙන් පිවිසීමට හැකියාව ඇත.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571362.html
www.supirikrida.com

No comments: