මීට කලකට පෙර ජාත්‍යන්තර මට්ටමේ රුසියානු ක්‍රීඩකයෙකු පරදා කතා බහට ලක් වූ ප්‍රියදර්ශන,පසුව සිය බොක්සිං ජීවිතය තුළ දැඩි පසුබෑමක් පෙන්නුම් කළේය.නමුත් අනතුරුව මේ වසරේ සිට සිය පුහුණුකරු වසන්ත කුමාර සමග කැපවීමෙන් පුහුණුව ලැබ ලේට්න් තරගාවලියේ අවසාන තරගයට පිවිසීම සහ දක්ෂතම පරාජිතයා වීම ද,නැවත ඉපදෙමින් තිබෙන ස්වීය බොක්සිං ආත්මයට පණ නල පිඹීමක් බදු ය.
![](https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=1394a25c02f61df0&attid=0.1&disp=inline&realattid=f_h658gbkd0&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1345593407965&sads=346lJAZVEKKRx8zrwCr4J9aIWys)
මෑත ඉතිහාසය ගත් විට කාන්තා බොක්සිං තරග අංශයේදී යම් යම් අවස්ථාවල දී දක්ෂතම බොක්සිං ක්‍රීඩිකාවන් බිහි වී ඇතත් මෙවර ලෙට්න් කුසලාන බොක්සිං තරගාවලියේ දී දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිසියේ සමීර කරුණාරත්න තේරි පත්වීම බොහෝ කාලයකට පසු පොලිසිය ලද ජයකි.කි.ගෑ.60 බර පංතියෙන් ජය ගත් විශාල අත්දැකීම් ප්‍රමාණයක් ඇති සමීර වර්ථමානයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස සේවය කරන අතර කලකට පසුව යළි බොක්සිං කවයට පැමිණ සිය අත්දැකීම් මතින් මෙවැනි ජයක් ලැබීම පැසසුම් සහගතය.විද්‍යානුකූල ක්‍රීඩකයෙකු ලෙස දශකයකටත් වඩා පැරණි සිය ජාතික තලයේ බොක්සිං ජීවිතය තුළ පැසසුම් රැසක් ලබා ඇති සමීර ඉදිරියේ දැඩි සටනකින් පසු පරාජයට පත් වූ ප්‍රියදර්ශණ සිල්වා දක්ෂතම පරාජිතයා විය.
![](https://mail-attachment.googleusercontent.com/attachment/?ui=2&ik=f1a5f47587&view=att&th=1394a2a05e9d3daf&attid=0.1&disp=inline&realattid=f_h6591frf0&safe=1&zw&saduie=AG9B_P-BT-fiKlt4iTuOOh5F2GE3&sadet=1345593488301&sads=t-JKcxDPo0uIp3GDt8gstSi_JUU)
දක්ෂතම ක්‍රීඩිකාව වූයේ නදීශෘ එරන්දි ය.මාස් සදර්න් බොක්සිං සමාජය නියෝජනය කරන එරන්දි,කතළුව විද්‍යලයෙන් අධ්‍යාපනය ලැබ මාස් හා බැදෙන එරන්දි කි.ග්‍රෑ,54 බර පංතියේ දී අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන පොලිසියේ එස් ගුනෙත්ති පරදා සූරිය වන්නට සමත් වූවාය.ඇය,වර්ථමානයේ කාන්තා බොක්සිං ක්‍රීඩාව තුළ කැපී පෙනෙන පුහුණුකරුවෙකු බවට පත් වී සිටින චම්පික මාතරආරච්චි යටතේ සිය බොක්සිං ජීවිතය ආලෝකමත් කර ගන්නීය.
එසේම දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව බවට පත් වකෝසලා නිල්මිණි ද අත්දැකිම් බහුල ක්‍රීඩිකාවකි.ඇය ද අලුත් බලාපොරොත්තුවක් බවට පත් වි සිටින මාස් සදර්න් බොක්සිං සමාජයේම ජේඒඩී ජයසිංහ වෙතින් පරාජය ලැබුවේ කෝසලා ගේ අදක්ෂ කමට වඩා තමා රැකගත යුතු ක්‍රීඩිකාවක් බව සනාත කරමින් ජයසිංහ විසින් එල්ල කරන්නට යොදුණ දැවැන්ත ප්‍රහාර වරුෂාවක් මධ්‍යයේ ය.
Photo-KAMAL WANNIARACHCHI
www.supirikrida.com
No comments:
Post a Comment