ඕස්ට්‍රේලියාවේ පැවත්වෙන අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ පළග සූරතාවය දනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.අර්ධ අවසන් පූර්ව වටයට තේරෙමින් මුල් කණ්ඩායම් අට අතරට ඒමට ශ්‍රී ලංකාවට නොහැකි වූ අතර ඉන් අනතුරුව පැවති ශ්‍රේණිගත කිරිම් තරග වලදී සමස්ත තරගාවලියේ නව වන ස්ථානයට ශ්‍රේණිගත වෙමින් ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුණා.
පළග කුසලානය සදහා වූ අවසාන තරගයේ දී කාසියේ වාසිය ලද ඇෆ්ගනිස්තාන් කණ්ඩායම පළමුව පන්දුවට පහර දෙමින් ලකුණු 194 ක් රැස් කරන්නට සමත් වූ අතර එහිදී ඇෆ්ගනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණය වූ 44 වාර්තා කිරීමට මොහිබුල්ලා පාක් සමත් වුණා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය නියෝජනය කරන ලහිරු මධුශංක සිය මද වේග පන්දුවෙන් දස්කම් දක්වමින් කැපී පෙණුන අතර ඔහු ලකුණු 34 ට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් වුණා.කඩුල් දෙකක් දවා ගනිමින් ඉතා හොදින් ඇෆ්ගනිස්තාන් පිතිකරුවන් මර්ධනය කළ මොරටුව ශාන්ත සෙබස්තියන් විද්‍යාලයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම හා සබැදි අමිල අපොන්සො සිය පන්දු ඕවර් 10 ලකුණු 19 ට කඩුලු 2 ක් දවා ගනිමින් අවසන් කළා.
පිළිතුරු ඉණිමට පිවිසි ශ්‍රී ලංකා ඉණිමේ කැපි පෙනෙනම ඉණිම ක්‍රියාත්මක කළේ මහනුවර ත්‍රිත්ව විද්‍යලයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වු නිරෝෂන් දික්වැල්ලයි.පන්දු 87 ක් තුළ ලකුණු 76 ක් ලැබූ ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ ජයග්‍රහණයේ නියමුවා වෙමින් තරගයේ වීරයා ලෙස ද සම්මානනීය වුණා.තරගයේ සමස්ත ලකුණු විස්තරය පහත දැක්වෙනවා.
http://www.espncricinfo.com/icc-under19-world-cup-2012/engine/match/554561.html
නිරෝෂන් දික්වැල්ල |

No comments:
Post a Comment