මෙවර ලන්ඩන් ඔලිම්පික් තරගාවලියේ දුර දිවීමේ ඉසව් වලදී විශාල පෙරළියක් කරනු ඇතැයි අපේක්ෂා කළ කෙන්යානු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් එම දක්ෂතා මතු නොවීම පිළිබදව දැඩි කණස්සල්ල පළ කරන කෙන්යානු ජනාධිපති මවායි කිබාකි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස වග කිවයුතු අංශ දැනුවත් කර ඇත.2008 බීජිං ඔලිම්පික් උළෙලේ දී රන් පදක්කම හයක් සමග මලල ක්‍රීඩා පදක්කම සටහනේ තෙවන තැනට පත් කෙන්යාවට මෙවර හිමි වූයේ රන් පදක්කම් දෙකක් පමණි.
මීටර් 800 ඉසව්වේ ලෝක සූර ඩේවිඩ් රුඩීෂා නව ලෝක වාර්තාවක් සමගින් සිය ඉසව්ව ජය ගනිමින් ද,එසෙකී කෙම්බොයි මීටර් 3000 බාධක දිවීම ඉසව්වෙන් ද රන් පදක්කම් දිනා ගනිමින් කෙන්යාවේ ගෞරවය රැක දෙන්නට සමත් විය.
මේ වන විට මලල ක්‍රීඩා පුහුණුකරුවන් එරට ක්‍රීඩා අමාත්‍යංශයේ මලල ක්‍රීඩා අධීක්ෂණ නිලධාරීන්ට ද ඔවුන් මලල ක්‍රීඩා පුහුනුකරුවන්ට ද ඇගිල්ල දිගු කරමින් පරාජයේ වගකීමෙන් ගැලවීම සදහා උත්සාහ දරමින් සිටින අතර ක්‍රීඩා අමාත්‍ය පොල් ඔටුඔමා පවසන්නේ හැකි ඉක්මණින් ජනාධිපතිවරයා ඉල්ලු සම්පූර්ණ වාර්තාව සකසා ලන්ඩන් ඔලිම්පික් පරායට බල පෑ හේතු අනාවරණය කරන බවය.
www.supirikrida.com

No comments:
Post a Comment