Aug 25, 2012

ක්‍රිස්ටීන් ලින් වයඹට පළමු පරාජය අත් කර දෙයි.

Kandurata Warriors' Chris Lynn scored 80
ස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩක ක්‍රිස්ටීන් ලින් විසින් දියත් කරන්නට යෙදුනු සුපිරි ප්‍රවේගකාරි පිතිහරඹය නිසා කදුරට සහ වයඹ අතර පැවති එස්එල්පිඑල් තරගයෙන් වයඹ කණ්ඩායමට සිය පළමු පරාජ‍යේ අමිහිරි අත්දැකීම විද ගන්නට සිදු විය.වයඹ නායක මහේල ජයවර්ධන මෙන්ම අලුත් දග පන්දු තරුව අකිල ධනංජය ද නොමැතිව තරග බිමට පිවිසි වයඹ කණ්ඩායම පළමුව පන්දුවට පහර දුන් කදුරට කණ්ඩායමේ පළමු කඩුලු 3 ලකුණු 14 ට දවාලමින් විශාල අභියෝගයක් එල්ල කළ ද ඉන් අනතුරුව සැහැල්ලු වීමට යාම නිසා දෝ තරගයේ වාසිය ගිලිහි යන බවක් දක්නට ලැබිණ.විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරින්ගේ අද නෙත් වලට නොපෙනෙන ජීවන්ත කුලතුංග (23) මෙන්ම ක්‍රිස්ටීන් ලින් (80) සිව්වන කඩුල්ලට ලකුණු 59 ක් එක් කරමින් තරගය කදුරට දෙසට හැරවීමේ ආරම්භය සටහන් කළේය.
කුලතුංග ගේ දැවී යාමෙන් ඉනික්බිතිව වගකීම සියතට ගතු ලීන් පන්දු 51 දි ලකුණු 80 ලබා ගත්තේ කදුරට ලකුනු පූවරුව 149 දක්වා ගෙන එමින්ය.පන්දු යැවීමේදි වයඹ කණ්ඩායමට නායකත්වය දුන් හෆීස් ලකුණු 14 ට කඩුලු 3 ක් දවා ගත් අතර වයඹ කණ්ඩායමේ පන්දු රැකීම ප්‍රශස්ත මට්ටමක පැවතීම කදුරට කණ්ඩායමට තවත් විශාල ලකුණු ප්‍රමාණයකට යාමට ඇති ඉඩ ඇහිරිය.
පිලිතුරු ඉණිමට පිවිසි වයඹ කණ්ඩායමට කදුරට කණ්ඩායමේ දුරුවල පන්දු රැකීම ආශිර්වාදයක් වුව ද පන්දු යවන්නන් සියළු දෙනාම හොද තර්ජනයක් එල්ල කළ බැවින් ලකුණු ලබා ගැනිම දුෂ්කර කාර්යයක් විය.පිතිකරුවෙකු ලෙස තමා ඉතාමත් අසාර්ථක මට්ටමක සිටියද පිතිකරු නාමාවලියේ ඉහළ අංකයක් යොදා ගන්නා ජයසූරිය පන්දු යවන්නෙකු ලෙස සිය අත්දැකිම් මොනවට බාවිතයට ගනිමින් පන්දු යවමින් ද පන්දු පිටිය සකසමින් ද දස්කම් පෙන් වූ අතර කෞෂාල් ලොකුආරච්චි පන්දු යැවීමෙන් ලකුනු 15 ට කඩුලු 3 ක් දවා ගත්තේය.මේ සියල්ලෙහි අවසාන ප්‍රතිපලය වූයේ කදුරට ඉණිමට ලකුණු දෙකක් පසුපස සිට ලකුණු 147 දී වයඹ ඉණිම නිමා වීමය.
http://www.espncricinfo.com/sri-lanka-premier-league-2012/engine/match/571368.html
www.supirikrida.com

No comments: