Mar 9, 2013

සංගා ගවස්කාර් පසු කරයි

Kumar Sangakkara takes his cap off to celebrate his 31st Test centuryසිය ටෙස්ට් දිවියේ 116 වන ‍තරගයට මුහුණ දෙන කුමාර සංගක්කාර ‍ලොව වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් අතර දහ වැන්නා බවට පත් වීමට ඊයේ බංගලාදේශයට එරෙහිව පැවති තරගයේදී සමත් වුණා.සංගක්කාර ඊයේ බංගලාදේශයට එරෙහිව සිය ටෙස්ට් දිවියේ 31 වන ටෙස්ට් ශතකය රැස් කරමින් ලකුණු 142 ක් රැස් කළ අතර එම ඉණිම නිම වන විට සංගක්කාර රැස් කර ඇති මුළු ටෙස්ට් ලකුණු ප්‍රමාණය ලකුණු 10187 ක් බවට පත් වුණා.ඒ අනුව ඒ දක්වා වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් අතර 10 වන ස්ථානයේ සිටි සුනිල් ගවස්කාර් (10122) පසු කර යාමේ අවස්ථාව සංගක්කාරට හිමි වූ අතර ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරුවන් අතර වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන මහේල පසු කර යාමට සංගක්කාරට අවශ්‍යය තවත් ලකුණු 619 ක් පමණයි.
එසේම වැඩිම ටෙස්ට් ලකුණුලාභීන් දස දෙනා අතර සංගක්කාර හොදම සාමාන්‍යය පවත්වා ගෙන යන ක්‍රීඩකයා වන අතර සංගක්කාරගේ ඉණිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යය 56.28 ක් ලෙස සටහන් වෙනවා.ඊයේ පළමු දස දෙනා අතරට සංගක්කාර පිවිසෙන තෙක් එම ගෞරවය හිමි ව තිබුණේ ලකුණු 56.10 ක සාමාන්‍යයක් හිමි කර ගෙන සිටින දකුණු අප්‍රිකාවේ ජැක් කලිස් වෙතයි.කලිස් මෙම දස දෙනා අතර සිව් වැන්නා වන අතර ඔහු ටෙස්ට් තරග 162 දී ලකුණු 13128 ක් ලබා සිටින අතර වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන සචින් තෙන්දුල්කාර් ලකුණු 15746 ක් ලබා සිටිනවා.එසේම සංගක්කාර මෙම වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 10 දෙනාට පිවිසෙමින් රැස් කළ ශතකය සමග වැඩිම ටෙස්ට් ශතකලාභී ලාංකේය පිතිකරුවන් අතර මහේල හා සම වෙමින් මුල් තැන දිනා ගන්නවා.
www.supirikrida.com

No comments: