Sep 11, 2013

සියල්ල බ්‍රැන්ඩෙක්ස් සතු වීම කැෂුවලයින් වළකයි

මෙවර වෙළද සේවා වොලි‍බෝල් තරගාවලියේ අවසාන තරග ඉකුත් ඉරිදා (08) මහරගම ජාතික තරුණසේවා ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවති අතර එහිදී කාන්තා සුපර් ලීග් සූරතාවය මාස් සමූහයට අයත් මාවතගම කැෂුවලයින් ආයතනය හිමි කර ගත් අතර අන් සියළු සූරතා බ්‍රැන්ඩෙක්ස් ඇගළුම් ආයතන සමූහයට අයත අයත් ආයතන විසින් දිනා ගත්තේය.ලාංකේය ඇගළුම් කේෂ්ත්‍රයේ නම ගත් ආයතන පද්ධතින් වන බ්‍රැන්ඩෙක්ස් සහ මාස් සමූහ ව්‍යාපාර ලාංකේය ක්‍රීඩා සංවර්ධනයේද පෙරටුගාමී මෙහෙයුමක නිරත වන අතර මෙවර වෙළද සේවා වොලිබෝල් තරගාවලියේදී ද ඒ බව සනාත කරමින් බොහෝ අවසාන තරග සදහා මාස් සහ බ්‍රැන්ඩෙක්ස් ආයතන සමූහයන් හරහා පැමිණි කණ්ඩායම් සහභාගි වීම දැක්විය හැකිය.
බ්‍රැන්ඩෙක්ස් හෝ මාස් සමූහ ව්‍යාපාරයන් වලින් බැහැර කණ්ඩායමක් ලෙස අවසාන තරගයකට පිවිසි එකම කණ්ඩායම වූ නිට්ටඹුව සුමිත්‍රා ව්‍යාපාරයේ කාන්තා කණ්ඩායම කාන්තා සූරතාවලිය සදහා පැවති අවසාන තරගයේදී මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම වෙතින් වට 3 - 0 ක පරාජයක් ලැබීය.ලකුණු තත්ත්වය 25 - 20,25 -23 සහ 25 - 20 විය.පිරිමි සූරතාවලිය සදහා වූ තරගයේ අවසාන තරගයට බ්‍රැන්ඩෙක්ස් ආයතන ව්‍යහුයට අයත් කණ්ඩායම් දෙකක්ම පිවිසි අතර එහිදී,කටුනායක බ්‍රැන්ඩෙක්ස් කැෂුවල්වෙයාර් කණ්ඩායම රිදීගම බ්‍රැන්ඩෙක්ස් කැෂුවල් වෙයාර් කණ්ඩායමට එරෙහිව වට 3 - 1 ක ජයක් අත් කර ගත්තේය.ලකුණු තත්ත්වය 25 - 27.25 -15,25 -20 සහ 25 -22 ක් විය.
සුපිරි කණ්ඩායම් අතර වූ තරගාවලියේ අවසාන තරගයට මිනුවන්ගොඩ බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායම සමග කපුගොඩ මාස් ලීනියා ඇක්වා කණ්ඩායම  පිවිසි අතර එහිදී බ්‍රැන්ඩෙක්ස් කණ්ඩායම වට 3 - 0 ක ජයක් ලැබීය.ලකුණු තත්ත්වය 25 - 15,25 - 23 සහ 25 - 21 ක්  විය.බ්‍රැන්ඩෙක්ස් කණ්ඩායමට අහිමි වූ එකම සූරතාවය දිනා ගත් මාවතගම කැෂුවලයින් කණ්ඩායම ඔවුන්ගේ ප්‍රතිවාදිනියන් වූ වැලිසර බ්‍රැන්ඩෙක්ස් ඉන්ටිමේට් ඇපරල් කණ්ඩායමට එරෙහිව වට 3 - 0 ක ජයක් ලබා ගැනීමට සමත් වූ අතර එම සූරතාවය ඉකුත් වසරෙ සූරතාවය දිනූ කණ්ඩායමක් මේ වසරේ එය රැක ගැනීමේ එකම අවස්ථාව වීමද කැපී පෙණින.එහිදී කැෂුවලයින් කණ්ඩායම බ්‍රැන්ඩෙක්ස් කණ්ඩායමට එරෙහිව 25 - 18,25 -15 සහ 25 - 13 ලෙස ජය ලැබීය.
www.supirikrida.com

No comments: