Feb 2, 2013

අද ඇරඹෙන දැයට කිරුල වෙරළ වොලිබෝල් තරග ආසියාතික තරගවලට පෙරහුරුවක්

ද ඇරඹෙන දැයට කිරුළ වෙරළ වොලිබෝල් තරගාවලියේ දක්ෂතා අප්‍රේල් මස තායිලන්තයේ දී පැවත්වෙන ආසියාතික වෙරල වොලිබෝල් තරගාවලියේ තේරීම් සදහා පෙරහුරුවක් ලෙස යොදා ගැනීමට තීරණය කර තිබෙන බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය පවසයි.1992 ජනවාරි 1 දා ට පසු උපන් ක්‍රීජක ක්‍රීඩිකාවන්ට පමණක් සහභාගි වීය හැකි ආධුනික තරගාවලිය මෙන්ම ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගි වන විවෘත තරගාවලියක් ලෙස දෙ'අංශයකින් කාන්තා සහ  පිරිමි ලෙස ක්‍රියාත්මක වන මෙම තරගාවලියේ අද සහ හෙට පැවත්වෙන තරග මීගමුව කැම්ලට් හෝටලය අසළ වෙරළ තීරයේදී ද,අම්පාර සයිදමරිදු YMCA වෙරළ තීරයේ සහ හම්බන්තොට වෙරළ තීරයේද පැවත්වේ.උතුරු පළාත් තරග පැවත්වෙන්නේ පෙබරවාරි 9 සහ 10 යන දෙදින තුළ කිලිනොච්චිය වෙරළ තීරයේදී ය.
තරගාවලියේ අවසාන තරග දැයට කිරුළ ප්‍රදර්ශනයට සමගාමීව ආරුගම්බේ වෙරඝ තීරයේදී පැවත්වීමට නියමිතය.
www.supirikrida.com

No comments: