Jan 25, 2012

ඔස්ට්‍රේලියා - ඉන්දියා ටෙස්ට් ඉතිහාසයේ හොදම කඩුලු සබදතාවය පොන්ටින් සහ ක්ලාක් සතු වෙයි



ස්ට්‍රේලියානු නායක මයිකල් ක්ලාක් සහ හිටපු නායක රිකී පොන්ටින් මේ වන විට ඇඩිලේඩ් හි ක්‍රියාත්මක ඕස්ට්‍රේලියා - ඉන්දියා සිව්වන ටෙස්ට් තරගයේ දී එම දෙරට අතර පැවති ටෙස්ට් තරගවල දී ක්‍රීඩකයන් දෙදෙනෙකු ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පවත්වා ඇති හොදම ලකුණු සබදතාවය සිය නම ඉදිරියේ සටහන් කර ගැනිමට සමත් වුණා.කඩලු 3 ක් දැවී ලකුණු 84 ක් පමණක් ලබා සිටිය දී ක්‍රීඩා පිටියේ එක් වූ මේ දෙදෙනා මීට සුළු මොහොතකට පෙර දිවා භෝජනය සදහා තරගය නතර කරන විට සිව්වන කඩුල්ලට නොදැවුණු ලකුණු 385 ක සබදතාවයක් තබමින් මෙම වාර්තාව තැබිමට පියවර ගත්තා.
මිට පෙර ඉන්දියාව වෙනුවෙන් රාහුල් ඩ්‍රාවිඩ් සහ ඩබ්ලිව්විඑස් ලක්ෂමන් ගබා තබු ලකුණු 376 ක වාර්තාවමෙම දෙරට අතර පැවති ටෙස්ට් තරග වලදී වාර්තා වී තිබූ හොදම කඩුලු සබදතාවය වුණා.සිව්වන කඩුල්ල සදහා පැවති හොදම සබදතාවය සචින් තෙන්දුල්කාර් සහ ලක්ෂ්මන් විසින් පිහිටුවා තිබූ අතර එය ලකුණු 353 ක් වුණා.
දැනට ලකුණු 210  ක් ලබා කඩුල්ලේ නොදැවී සිටින ක්ලාක් සහ ද්විත්ව ශතකයට ලකුණු දෙකක් පිටුපසින් සිටින රිකී පොන්ටින් ලෝකයේ සිව්වන කඩුල්ලේ හොදම  සබදතාවය ලෙස සැළකෙන මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර පකිස්තානයට එරෙහිව රැස් කළ ලකුණු 437 ට ලකුණු 52 ක් පිටුපසින් සිටිනවා.ලොව හොදම කඩුලු සබදතාවය දකුණු අප්‍රිකාවට එරෙහිව මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර විසින් පිහිටුවා ඇති අතර එය ලකුණු 624 ක්.තෙවන කඩුල්ල සදහා ඔවුන් දෙදෙනා පිහිටුවා ඇති එම සබදතාවයට පසු ඇති හොදම සබදතාවයද ශ්‍රී ලංකාවට හිමිවන අතර ඒ තෙවන කඩුල්ල වෙනුවෙන් සනත් ජයසූරිය සහ රොෂාන් මහානාම විසින් රැස් කළ ලකුණු 576 ක සබදතාවය වෙනවා.
www.supirikrida.com

No comments: