ශ්‍රී ලංකා දැල් පන්දුවේ පැටලිලි පුමාණය දිනෙන් දින ඉහළ යමින් පවතින අතර
ජාතික පුහුණුකාරිය වීම සදහා හිටපු පුහුණුකාරිය හයසින්ත් විජේසිංහ සමග සොමිතා ද
අල්විස් ද ඉදිරිපත් වීම සමග මේ තත්ත්වය ඇති වී ඇත.ක්‍රීඩා අමාත්‍යවරයා පවසන පරිදි
පසුගිය දෙසැම්බරයේ ලාංකේය දැල් පන්දුව ජාත්‍යන්තර මට්ටමෙන් විශාල කඩා වැටීමකට
භාජනය කළ බවට චෝදනා එල්ල වන හයසින්ත් විජේසිංහ ගේ පුහුණුකාර ධුරය අවසන් කළ බව කිව
ද මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඕස්ට්‍රේලියානු විශේෂඥ පුහුණුකාරිය ගේ නිල
නොලත් පරිවාර නිලධාරිණිය ලෙස ඇය සමග එකට කටයුතු කිරීමට මෙන්ම පුහුණු කටයුතු වලදී
සහය දැක්වීමට ද දැල් පන්දු පරිපාලනය විසින් හයසින්ත් ට අවස්ථාව සළසා ඇත.
එසේම එම පරිපාලනය හයසින්ත් ඉදිරිපත් වන පුහුණුකාර ධුරය තෝරා පත් කර ගැනීමේ
පරීක්ෂණ මණ්ඩලයට ද එම ඕස්ට්‍රේලියානු පුහුණුකාරිය නම් කරමින් යළිත් හයසින්ත් දැල්
පන්දු පුහුණුකාරිය කිරීම සදහා පිඹුරුපත් සකසමින් සිටින අතර එය තිලකා ජිනදාස ඉවත්
කර හයසින්ත් විජේසිංහ පුහුණුකාර ධූරයට ගෙන ඒම සදහා පැවති පරිපාලනය පුහුණුකාර ධරයට
තේරී පත් වීම සදහා හයසින්ත් ට වාසිදායක අන්දමින් අදාළ සුදුසකම් සැකසීමට සමාන බවට
දැල් පන්දු කේෂ්තුයේ කතා බහට ලක් වෙමින් ඇත.
මේ වන විට හයසින්ත් ගේ පුහුණුකාර ධුරය ප්‍රතික්ෂේප කරමින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්
විශාල පිරිසක් ජාතික සංචිතයට පැමිණිමෙන් වැළකි ඇති අතර ඒ සදහා සොමිතා ද අල්විස්
වගකිව යුතු බව ඇගවෙන කතාවක් පැමිණ සිටින ඕස්ට්‍රේලියානු පුහුණුකාරියට හයසින්ත්
පැවසීම නිසා හයසින්ත් සහ සොමිතා අතර බහින්බස් වීමක් ඇති වී තිබෙන බව ද සුපිරි ක්‍රීඩා
වෙත වාර්තා වේ.කළක් ජාතික පුහුණුකාර ධුරය දරමින් ශ්‍රී ලංකාවට විශාල කීර්තියක් අත්
කර දුන් හයසින්ත් සිංගප්පූරු ජාතික පුහුණුකාරිය ලෙස ද කටයුතු කර ඇති අතර නමුත් ඇය
මෙව ඇය ශ්‍රී ලංකා ජාතාක කණ්ඩායමට පුහුණුකාරිය ලෙස පත් වී එන්නට පෙර සිංගප්පූරුවේ
ක්‍රීඩා සමාජයක හෝ පුහුණුකාර ධුරය දරා නොසිටි අතර එහි පාසලක ක්‍රීඩා පුහුණුකාරිය
ලෙස කටයුතු කරමින් සිටියේය.
ජාතික පුහුණුකාරිය ලෙස පත් වූ සෑම විටකදී ම පාහේ පරිපාලනය සමග අර්බූද ඇති
කරගෙන ඉවත් වූ හයසින්ත් එසේ ඉවත්ව සිගප්පූරුවට යාමෙන් පසු වැටී සිටි ශ්‍රී ලංකා
කණ්ඩායම යළිත් ජාත්‍යන්තර අවධානයට කැදවා එමින් ආසියානු සූරතාවය දිනා දුන් තිලකා
ජිනදාස ඉවත් කරමින් ජාතික පුහුණුකාර ධුරයට පත් වූවා ය. ඒ පත් වීමෙන් පසුව ගත් තීරණ
නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමෙන් විශාල ඇද වැටීමකට ලක් ව ඇති අතර ඒ
සදහා ජාතික කණ්ඩායමේ ක්‍රීඩිකාවෝ හයසින්ත් යටතේ ක්‍රීඩා කිරීමෙන් වැළඛී සිටීමට ගත්
තීරණය ද විශාල වශයෙන් බල පෑ ඇත.
කෙසේ හෝ වත්මන් පරිපාලනයේ ඇතැම් නිලධාරිණියන් ගේ ජාත්‍යන්තර න්‍යාය පතු
වෙනුවෙන් සුරතලෙකු ලෙස යොදා ගැනීමට හයසින්ත් පාවිච්චි කිරීමේ තත්ත්වය තුළ සිටින
ජාත්‍යන්තර අවධානයට ලක් වූ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන්ට ද හයසින්ත් යම් යම් බලපෑමක් කරන
අතර ඒ තත්ත්වය තුළ එවැනි ක්‍රීඩිකාවන් ගේ වරප්‍රසාද පාලනය කරන බවටත් ඔවුන්ට හිමි
යම් යම් වගකීම් වලින් පහත හෙළිමටත් කුමණ්ත්‍රන දියත් වෙමින් තිබෙන බව වාර්තා වේ.මේ
තත්ත්වය තුළ තවත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩිකාවන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු සූරතාවයට පෙර
අහිමි වීමට පෙර ඉඩ ඇති බවට තොරතුරු සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.
කෙසේ වුව ද අමාත්‍යවරයා තිලකා ජිනදාසට යළි පුහුණුකාර ධුරය භාර ගැනීම පිණිස
පැමිණෙන්නැයි පෞද්ගලිකවම ආරාධනා කර ඇතත් දැනට බෘනායි හී දැල් පන්දු ක්‍රීඩාවේ
සංවර්ධන අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන ඇය ට එම ගිවිසුම් කාලය නිමා විමට තව කාලයක් ඇති
බැවින් එසේ පැමිණීමේ අපහසුතාවය දන්වා ඇති බව වාර්තා වේ.නමුත් පවතින පරිපාලනය
සියළුම ක්‍රීඩිකාවන් සහභාගි වීම ප්‍රතික්ෂේප කළ ද ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර
මට්ටමෙන් අත්වන පසුබෑම නොසළකා එහි ඇතැම් නිලධාරිණියන් ගේ ජාත්‍යන්තර සිහින සැබෑ කර
ගැනීමට හයසින්ත්ව යොදා ගැනීම පිණිස ඇයව පුහුණුකාරධුරය පිරිනැමීම සදහා පිඹුරුපත්
සකස් කරමින් සිටින අතර පැමිණ සිටින ඕස්ට්‍රේලියානු පුහුණුකාරිණියගේ පරිවාර කටයුතු
සදහා හයසින්ත් සහභාගි කරවා ගැනීම මෙන්ම එම ඕස්ට්‍රේලියානු පුහුණුකාරිය ජාතික
පුහුණුකාර ධුරය තේරීමේ පරීක්ෂණ මණ්ඩලයට පත් කිරීමත් එම සැළසුමේ අංගයක් බව දැල්
පන්දු කේෂ්ත්‍ර ආරංචි මාර්ග පැහැදිළි කරයි.
No comments:
Post a Comment