Jan 24, 2012

බැරිබර ඇදි ඩිල්ෂාන් සමුගනී


ලෝක කුසලාන අවසාන තරගයේ දී සිදු වූ පරාජයත් සමග එවකට නායකත්වය දැරූ කුමාර් සංගක්කාර ඉල්ලා අස් වූ අතර එම අවස්ථාවේ දී ඇති වූ නායකත්වය පියවීම සදහා ක්‍රීඩකයන් කිහිප දෙනෙකුට කළ ආරාධනයකින් පසුව ඒ වගකීම භාර ගැනීමට කැමති වූ තිලකරත්න ඩිල්ෂාන් පරාජයන් ගණනාවකින් පසු යළි කණ්ඩායම ජයග්‍රාහී මාවතට කැදවා එමින් නායකත්යෙන් සමු ගත්තේය.මේ පිළිබදව විදේශ මාධ්‍ය වෙත ද අදහස් දක්වා තිබූ සංගක්කාර,තමා කණ්ඩායම වෙනුවෙන් එල්ල වූ සියළු අභියෝගයන් බාර ගත් ක්‍රීඩකයෙකු බව පෙන්වා දී ඇත.
වරෙක අංක හය පිතිකරුවා වන්නටත් තවත් වරෙක ආරම්භක පිතිකරුවා වන්නටත් කණ්ඩායම වෙනුවෙන් එකග වූ ඩිල්ෂාන් කණ්ඩායමට කඩුලු රකින්නෙකු ලෙස පැමිණ,මේ වන විට ජගත් එක්දින සහ 20 -20 ශ්‍රේණිගත කිරීම් වල තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ලෙස මුල්පෙළේ රැදී සිටින්නට සමත් වී සිටියි.පිට පළාත් ක්‍රීඩකයෙකු ලෙස සනත් ජයසූරියට පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ සාර්ථකම ක්‍රීඩකයා වන ඩිල්ෂාන් කළුතර මහා විද්‍යාලය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නායකයෙකු බිහිකළ පාසලක් බවට පත් කිරීම සදහා අබියෝග මැදින් ක්‍රිකට් ජීවිතය ගොඩ නගා ගත් ක්‍රීඩකයෙකු විය.
නායකයා ලෙස ටික කාලය තුල නවක ක්‍රීඩකයන් ගණනාවක් ශ්‍රී ලංකා ක්‍රිකට් කන්ඩායමට හදුන්වා දීමට හැකි වූ බවට අදහස් දැක් වූ ඩිල්ෂාන් අනාගතය වෙනුවෙන් දිනේෂ් චන්දිමාල්,ලහිරු තිරිමාන්න,දිමුත් කරුනාරත්න සහ සචිත්‍ර ඇලෙක්සැන්ඩර් වැනි ක්‍රීඩකයන්ට තම ක්‍රිකට් අනාගතය පිළිබදව යම් විශ්වසනීයත්වයක් ඇති කරන්නට සමත් වූ නායකයෙකු ලෙස අනාගතයේ දී සිය නායකත්වය පිළිබදව සතුටුවිය හැකි යමක් කළ ක්‍රීඩකයෙකු ලෙස හැදින්විය හැකිය.

No comments: