තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා
ඕනෑම ලකුණු ප්‍රමාණයක් හඹා ගොස් ජය ගැනීමට හැකි බව යළි ලොවට පෙන් වූ ශ්‍රී
ලංකා පිතිකරුවෝ දකුණු අප්‍රිකාව සිය පන්දු ඕවර් 50 තුළ කඩුලු 4 ට ලබා ගත් ලකුණු
312 තම නියමිත පන්දු වාර 50 නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ලබා ගත් ශ්‍රී
ලංකා පිතිකරුවෝ දකුණු අප්‍රිකාව සමග පැවති පස්වන එක්දින තරගය කඩුලු 2 කින් ජය
ගැනීමට සමත් වූහ.තරගාවලියේ ප්‍රථම තරගයේ දි ලකුණු 43 ට දැවී ගිය ශ්‍රී ලංකා
කණ්ඩායම ක්‍රමයෙන් නැගිටි අතර,තෙවන තරගයේ තීරණාත්මක මොහෙතේ දී ඇද හැලුණු වර්ෂාව
නිසා ඩක්වර්ත් ලුවිස් න්‍යාය යටතේ ලද පරාජය නොවන්නට තමන් ට මෙම එක් දින තරගාවලාය
ජය ගැනීමේ ඉඩක් තිබුණු බව ලෝකයට කියා පාමින් සිව්වන සහ පස්වන තරග ලකුණු 300 සිමාව
ඉක්මවා යමින් ජය ගනිමින් යළිත් ක්‍රිකට් ලෝකයේ අවධානය තමන් වෙත දිනා ගැනිමට සමත්
විය.
ප්‍රථම කඩුල්ල වෙනුවෙන් උපුල් තරංග
(46) සහ තිලකරත්න ඩිල්ෂාන් (41) පන්දු ඕවර් 9.6 ක් තුළ ලබා දුන් සාර්ථක ආරම්භය පන්දු
97 කින් කුමාර් සංගක්කාර රැස් කල අති විශිෂ්ඨ ලකුණු 102 කරා යාමේ දී ඩිල්ෂාන් සමග
දෙවන කඩුල්ලට ලකුණු 47 ක් ද,දිනේෂ් චන්දිමාල් (20) සමග තෙවන කඩුල්ලට ලකුණු 56 ක් ද
සහ සිව්වන කඩුල්ලට ලහිරු තිරිමාන්න (69) සමග එක් කළ ලකුණු 100 ක සබදතාවය ද සමග පෑ පරිනත ක්‍රීඩා විලාශය හේතු කර
ගෙන ශ්‍රී ලංකාව ට එල්ල වී තිබූ අභියෝගයේ විශාලත්වය ක්‍රමයෙන් හීන වී ගියේය.
නමුත් අවසාන ඕවරය වන විට කඩුලු 6 ක් දැවි ජයග්‍රහණයට තවත් ලකුණු 6 ක්
පිටුපසින් සිටි ශ්‍රී ලංකාවේ කඩුලු 2 ක් ම රොබින් පීටර්සන් ට ගොදුරු වීමත් සමග ශ්‍රී
ලංකාවට පන්දු 3 ක් තුළ ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු ප්‍රමාණය 5 ක් විය.සිය ජාත්‍යන්තර
එක්දින ජිවිතයේ පළමු වරට පන්දුවට පහර දීමට පැමිණි සචිත්‍ර සේනානායක පළමු පන්දුවට
ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කිරීමත් සමග දකුණු අප්‍රිකා ජය පැතූ ක්‍රීඩා ලෝලීන්
අමන්දානන්මයට පත් වුව ද සිය මංගල එක් දින ලකුණු ලබා ගැනිම ලකුණු 6 කින් ඇරඹු සචිත්‍ර
ජාත්‍යන්තර එක්දින කණ්ඩායම් වලට සුපිරි එක්දින ක්‍රීඩකයෙකු පැමිණෙන බවට සංඥා
කරමින් තරගය හමාර කළේ ශ්‍රී ලංකාවට අති විශිෂ්ඨ කඩුලු 2 ක ජයක් හිමිකර දෙමින්ය.
තරගයේ කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා නායක තිලකරත්න ඩිල්ෂාන් පන්දුවට පහර
දීමට දකුණු අප්‍රිකාවට ආරාධනා කළ අතර එම තීරණය නිවැරදි බව පෙන්වමින් ලකුණු 10 ක් ව
තිබිය දී ඇල්විරෝ පීටර්සන් ලකුණු 6 ට දිවී ගිය අතර ෆැෆ්ඩු ප්ලේසිස් ලකුණු 24 ක්
ලබා සිටියදී මුළු ලකුණු සංඛ්‍යාව 70 ක් ව තිබිය දී සිය මංගල එක්දින කඩුල්ල දවා ගත්
සචිත්‍ර සේනානායක ක්‍රියාත්මක වීමෙන්
ලකුණු පූවරුවේ කඩුලු ප්‍රමාණය දෙකක් විය.නමුත් ඉන් අනතුරුව ග්‍රෙහැම් ස්මිත් ට එක්
වූ ඒබි ඩිවිලියර්ස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පාලනය සියතට ගතු අතර දෙදෙනාම ග්‍රෙහැම්
ස්මිත් (125) සහ ඩිවිලියර්ස් (නොදැවි 125) ශතක ලබා ගනිමින් දස්කම් දැක් වූ අතර තෙවන කඩුල්ල ලෙස ස්මිත් පිටියෙන් ඉවත් වන විට
ලකුණු පූවරුව 256 ක් විය.ස්මිත් ගේ දැවී යාමෙන් ඉනික්බිති වගකීම සිය කර පිට පවරා
ගත් ඩිවිලියර්ස් නායකත්වය යනු තමා ගේ ක්‍රීඩා රටාවට එකතු කළ බරක් නොව ආශිර්වාදයක්
ලෙස සටහන් කරමින් ලකුණු 125 ලබා ගත්තේ පන්දු 98 ක් තුල දීය.
හ්‍රී ලංකාවට අතිවිශිෂ්ඨ ජයග්‍රහණයක් වෙනුවෙන් සුපිරි ඉණිමක් දියත් කළ
සංගක්කාර තරගයේ වීරයා වූ අතර තරගාවලිය පුරාම ලකුණු අතර සිට සිය පළමු එක් දින තරගාවලි නායකත්වය ජයග්‍රහණයකින්
නිමා කළ ඒබි ඩිවිලියර්ස් තරගාවලියේ වීරයා ලෙස සම්මානයට පාත්‍ර විය.
තරගයේ සමස්ත ලකුණු විස්තරයට පිවිසීමේ මග පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනිමට
හැකිය.
|
No comments:
Post a Comment