Jan 27, 2012

මා එන්නේ වසරකට - මහේල ජයවර්ධන


ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත් වූ මහේල ජයවර්ධන,නායකත්වය බාර ගන්නේ වසරක කාලයකට පමණක් බව පැවසීය.නායක තිලකරත්න ඩිල්ෂාන් ගේ සමයේ අසාර්ථක වීම් සදහා තේරීම් වල දී යම් අසාධාරණයක් සිදු වූ බව ද මහේල පැවසීය.තමාට නායකත්වය ලබා ගැනීම සදහා ආරාධනා ඉදිරිපත් වූවේ ඩිල්ෂාන් නායකත්වයෙන් ඉවත් වූ පසුව බව පැවසූ මහේල,එම අවස්ථාවේ දී තමා තීරණයක් ගැනීමට පෙර කතා කරන පිරිසක් සිටින බවත් එම පිරිස් සමග කතා කොට නායකත්වය වසරක කාලයක් සදහා පමණක් භාර ගැනීමට තීරණය කළ බවක් පැවසීය.
හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් ද එම මාධ්‍ය හමුවට සහභාගි වූ අතර ඔහු මහේල ගෙන් ඉල්ලා සිටියේ අඩුම තරමේ වසර දෙකක කාලයක් හෝ නායකත්වයේ රැදී සිටින ලෙස ය.තමා නායකත්වයේ සිටිය දී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ගේ සහය තමන් ට දිගටම ලැබුණු බව කී ඩිල්ෂාන් කණ්ඩායම් තේරීම ආදියට සිය නායකත්වය සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගෙන් බලපෑම් එල්ල වූ බවට කළ චෝදනාව ප්‍රතික්ෂේප කළ ද කණ්ඩායම අසාර්ථක වීමට තේරීම් බල පෑ බවට මහේල කළ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු අදහසක් දැක්වීමට ඉදිරිපත් වූයේ නැත.

No comments: