Jan 22, 2012

SPORTS DIARY හෙට දොරට වඩියි



ක්‍රීඩක ක්‍රීඩිකාවනගේ දෛනික චර්යාවන් ක්‍රීඩාවේ වර්ධනයට හේතු වන සේ සකසා ගැනීමට පොළඹවන සුළු ක්‍රීඩා දින පොතක් හදුන්වා දීම ක්‍රීඩා වෛද්‍ය ඒකකය මගින් නිකුත් කිරීම හෙට ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ දී සිදු වීමට නියමිතය. ක්‍රීඩා වෛද්‍ය ඒකකය වෙනුවෙන් මෙම මාහැගි කාර්යය සැකසීමේ දී මූලිකත්වය ගෙන ක්‍රියා කර ඇත්තේ වෛද්‍ය ලාල් ඒකනායක යන්ය.
ක්‍රීඩකයාට අදාළව සියළුම මූලික ජීව විද්‍යාත්මක කාරණා සහ ඔහුගේ ආහාර සහ පුහුණු ක්‍රමවේද සහ සැසි පිළබද කරුණු පවා එම ක්‍රීඩා දින පොතේ සටහන් කිරීමට පොළමවන අතර සියළුම ජාතික පුහුණු සංචිත ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙය පරිශීලනය කිරීම අනිවාර්‍යය කර ඇත.ලබා ගන්නා ඹෞෂධ මෙන්ම ඇති වූ රෝග තත්ත්වයන් පිළිබදවද වෛද්‍ය සටහන් තැබීමට ද මෙම පොතේ ඉඩකඩ වෙන් කර ඇති අතර ක්‍රීඩකයන් පෞද්ගලිකව පුහුණුසැසි පිළිබදව දක්වන ආකල්ප ද එම කෘතියට ඇතුළත් වේ.
ක්‍රීඩකයෙක් සිය ක්‍රීඩා හැකියාවන් වෙනුවෙන් කරනු ලබන සියළුම කාරණා ජීව විද්‍යාත්මකව අධීක්ෂණයට ලක් කළ හැකි පරිදි සකස් කර ඇති මෙම දින සටහන් තැබීමේ කෘතිය පරිශිලනය කිරීමේ දී ක්‍රීඩක ක්‍රීඩිකාවන් එයට දක්ව අංවකභාවය ක්‍රීඩාවේ හෙට දවස වෙනුවෙන් අලුත් පරිච්ඡේදයක් ලිවීම සදහා විශාල බලපෑමක් එක් කරනවා සැක නැත. 


No comments: