Jan 28, 2012

අද,මුලු රටම කහවත්තට





ශ්‍රී ලංකාවේ සියළුම පරිපාලන දිස්ත්‍රික්ක නියෝජනය කරමින්  කාන්තා සහ පිරිමි වොලිබෝල් කණ්ඩායම බැගින් මේ වන විටත් කහවත්තට ළගා වී ඇත.ඒ අද සහ හෙට පැවත්වෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ දිස්ත්‍රික් සූරයන් අතර පැවත්වෙන තරගවලට සහභාගි වීම සදහාය.රටේ ජාතික ක්‍රීඩාවේ මහා මංගල්ලය බදු රටට දායාද කළ ගමේ දක්ෂයන් ගම නියෝජනය කරමින් ක්‍රීඩා කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් සූරතාවලියේ දිස්ත්‍රික් සූරයන් එකිනෙකට හමුවන මෙම තරගාවලිය කහවත්තේ සංවිධානය කිරීමේ වගකීම ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් පැවරී ඇත්තේ එහි නියෝජ්‍ය සභාපති සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්නයන්ට ය.
රටේ ප්‍රධාන වොලිබෝල් ක්‍රීඩා සමාජ බවට පත් වී තිබෙන ත්‍රිවිධ හමුදාවන්ට සහ වරාය අධිකාරියට වැනි ආයතන වලට  අයත් ක්‍රීඩා සමාජ පෝෂණය කිරීමේ කාර්යය ට වසර පුරාම උර දෙන ර්‍කීඩක ක්‍රීඩිකාවන් සිය වොලිබෝල් ජීවීතයට එවැනි වෘත්තීමය පදනමක් එකතුකළ තිඹිරිගෙය වන  ගමේ ක්‍රීඩා සමාජයට කෘතවේදීත්වය ප්‍රකාශ කරන අවස්ථාව ලෙස සැළකෙන මෙම තරගාවලිය ගමේ වොලිබෝල් ක්‍රීඩාවේ පැවැත්ම සනාත කරන වොලිබෝල් තරගාවලිය ලෙස හැදින්විය හැකිය.මෙම සත්කාර්යය යථාර්ථයක් බවට පෙරළා ගැනීමේ අනුග්‍රාහක සත්කාරකත්වය දරන්නේ ඩයලොග් ආසියාටා ආයතනය ය. 

No comments: