දැනට ඇමෙරිකාවේ වැඩි දුර අධයාපනය හදාරන චරිත් කපුකොටුව එහි පැවත්වෙන ගෘහස්ත මලල ක්‍රීඩා තරග වාරයේ දී
මේ වන විට නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් තබන්නට සමත් වී සිටියි.දෙසැම්බර් 8 දා කියර්නා
හී පැවති මෙරටට ආගන්තුක තරග ඉසව්වක් වන බර වීසි කිරීමේ තරගයේ දී එය මීටර් 17.08 ක්
දුරට වීසි කරමින් නව ශ්‍රී ලංකා වාර්තාවක් තැබීය.
බර වීසිකිරීමේ උපකරණය |
ජනවාරි 22 දා ජිලට් හී පැවති තවත් ගෘහස්ත තරගයක දී යගුලිය වීසී කිරීමේ
ගෘහස්ත ශ්‍රී ලංකා වාර්තාව ද සිය නමට පවරා ගත් චරිත් කපුකොටුව මීටර් 15.83 ක් දුරට
යගුලිය වීසි කරන්නට සමත් විය.මෙම ඉසව්වේ එළිමහන් ශ්‍රී ලංකා වාර්තාව වන්නේ මීටර්
16.62 ක් වන අතර එය ටී අලෙයිලීමා සදුව පවතියි.තවමත් 21 හැවිරිදි කපුකොටුව මෙම
වාර්තා ද්විත්වයට හිමිකම් කීමත් සමග ඔහුට ඉසව් තුනක ජාතික වාර්තා හිමිවන අතර මිටිය
වීසි කිරීමේ ජාතික වාර්තාව (මීටර් 41.030 හිමි වන්නේ ද කපුකොටුවට ය.
No comments:
Post a Comment