ශ්‍රී ලංකා වෙරළ පිරිමි වොලිබෝල් කණ්ඩායම
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක මධ්‍යම ආසියානු කළාප වෙරළ වොලිබෝල් තරගාවලියේ ජයග්‍රාහකයින්
වෙමින් ඔලිම්පික් තරගාවලිය නියෝජනය සදහා වන අවසාන තේරීම වන ආසියානු මහද්වීපික
තරගාවලිය සදහා සුදුසුකම් ලබනු ඇතැයි තිබූ බලාපොරොත්තු ඊයේ මීගමු වෙරළේ දී වළලා
දමන්නට කසකස්ථාන් ක්‍රීඩකයනට හැකි වුණා.
කසකස්ථාන් 1සහ 2 කණ්ඩායම් ඉදිරියේ ශ්‍රී
ලංකා 1 සහ 2 වෙරළ වොලිබෝල් කණ්ඩායම් දෙකම පරාජයට පත් වූ අතර ශ්‍රී ලංකා 1 කණ්ඩායම
වෙනුවෙන් මහේෂ් පෙරේරාත් 2 කණ්ඩායම වෙනුවෙන් පුබුදු ඒකනායකත් දැක් වූ ශක්තිවන්ත සහ
ධෛර්යවන්ත ක්‍රීඩා විලාශයට ඔවුන්ගේ සගයන් වූ වසන්ත රත්නපාලගෙන් සහ සම්පත් පීරිස්ගෙන්
බලාපොරොත්තු සහයක් නොලැබිණ.කෙසේ නමුත් අද ඉන්දියාව සමග තෙවන ස්ථාන වෙනුවෙන් පැවත්වෙන
තරග ජයගෙන ආසියානු මහද්විපික තරගාවලිය සදහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයනට
ඉඩ-කඩ විවෘතව ඇත.
කාන්තා අංශයේ දී ශ්‍රී ලංකා 1 සහ 2
කණ්ඩායම් වල ප්‍රතිවාදිනියන් වූයේ මාල දිවයිනය.ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් වැඩි
වෙහෙසකින් තොරව මාල දිවයින් ක්‍රීඩිකාවන් පරාජය කරමින් අද පැවත්වෙන අවසාන තරග වලදී
කසකස්තාන් ක්‍රීඩිකාවන් මුණ ගැසෙන්නට සුදුසුකම් ලබා ගත්හ.එහිදී ශ්‍රී ලංකා 1
කණ්ඩායම නියෝජනය කරමින් තක්ෂිලා නෙරංජලී සහ ගීතිකා ගුණවර්ධනත් අංක 2 කණ්ඩායම
වෙනුවෙන් සාගරී ගුණසිංහ සහ නිරෝෂා ගුනසිංහත් තරග වැදුණා.
ප්‍රථම දිනයේ ලකුණු සටහන
ශ්‍රී ලංකා කාන්තා 1 සහ මාල දිවයින කාන්තා 2
21/9, 21/5
ශ්‍රී ලංකා කාන්තා 2 සහ මාල දිවයින කාන්තා 1
21/2, 21/3
ශ්‍රී ලංකා කාන්තා 1 සහ මාල දිවයින කාන්තා
1
21/9, 21/11
ශ්‍රී ලංකා කාන්තා 2 සහ මාල දිවයින කාන්තා 2
21/7, 21/7
කසකස්තාන් කාන්තා1 සහ ඉන්දියා කාන්තා 2
21/6, 21/7
කසකස්තාන් කාන්තා 2 සහ ඉන්දියා කාන්තා 1
21/14, 21/8
කසකස්තාන් කාන්තා1 සහ ඉන්දියා කාන්තා 1
21/7, 21/8
කසකස්තාන් කාන්තා 2 සහ ඉන්දියා කාන්තා 2
21/10, 21/8
ශ්‍රී ලංකා පිරිමි 1 සහ කසකස්තාන් පිරිමි 2
17/21, 17/21
ශ්‍රී ලංකා පිරිමි 2 සහ කසකස්තාන් පිරිමි 1
9/21, 9/21
ශ්‍රී ලංකා පිරිමි 2 සහ කසකස්තාන් පිරිමි 2
15/21,21/19,15/13
ශ්‍රී ලංකා පිරිමි 1 සහ කසකස්තාන් පිරිමි 1
11/21, 16/21
ඉරාන 1 පිරිමි සහ ඉන්දියා 2 පිරිමි
21/7, 21/11
ඉරාන 2 පිරිමි සහ ඉන්දියා 1පිරිමි
21/11, 21/13
ඉරාන 1 පිරිමි සහ ඉන්දියා 1 පිරිමි
21/16, 21/8
ඉරාන 2 පිරිමි සහ ඉන්දියා 2 පිරිමි
No comments:
Post a Comment