ශ්‍රී ලංකාව බිහිකළ සුපිරිතම ක්‍රිකට් නායකයෙකු බවට අවිවාදිත මහේල ජයවර්ධන
තිලකරත්න ඩිල්ෂාන් ගෙන් පසුව යළිත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සදහා
කැදවීමට නියමිත බව විශ්වාසදායක ආරංචි මාර්ග සදහන් කරයි.2007 ලෝක කුසලාන තරගාවලියේ
දී ශ්‍රී ලංකාව ලෝක කුසලාන අනු සූරතාවය සදහා මෙහෙය වූ මහේල,2011 ලෝක කුසලානය සදහා
නව කණ්ඩායමක් තෝරා ගැනීම සදහා බව කියමින් නායකත්වයෙන් ඉල්ලා අස්විය.නමුත් 2015 ලෝක
කුසලානය සදහා කණ්ඩායමක් තෝරා ගැනීම සදහා වන අභියෝගය යළි භාර ගනිමින් මහේල නායකත්යට
පත් වීම 2007 ලෝක කුසලානයෙන් පසුව නායකත්වයෙන් ඉවත් වෙමින් කළ ප්‍රකාශය සිය
කැමැත්තෙන් කළ ප්‍රකාශයක් දැයි සැක උපදවන්නේය.
දැනට ශ්‍රී ලංකාවේ සිටින සුපිරිතම පිතිකරුවා බවට ජගත් ක්‍රිකට් විචාරකයන්
ගේ පැසසුමට ලක්වන මහේල,පසුගිය කාලයේ ලකුණු අතර නොසිටි අතර,නායකයා ලෙස යළි ලකුණු
අතරට පැමිණෙමින් යළි කණ්ඩායම ඉහළ තලයට කැදවා ඒම මහේල ගේ අනාගත අභියෝගය වන්නේය.
No comments:
Post a Comment