Jan 24, 2012

ජනාධිපති රන්කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටමේ තරග කහවත්තේ දී


යලොග් ආසියාටා අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කරන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික මට්ටම සදහා සුදුසුකම් ලද කණ්ඩායම් අතර පැවත්වෙන ජාතික මට්ටමේ තරගාවලිය ජනවාරි 28 සහ 29 යන දෙදින තුළ කහවත්ත මහජන ක්‍රීඩාංගණයේ දී පැවත්වේ.මෙවර තරගාවලියට ශ්‍රී ලංකාවේ පළාත් නවයට අයත් සියළුම පරිපාලන දිස්ත්‍රික්ක වලින් කන්ඩායම් තේරී තිබෙන අතර වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් මෙම තරග සංවිධානය කිරීමේ වගකීම එහි උප සභාපති සබරගමු පළාත් සභා මංත්‍රී කාංචන ජයරත්න විසින් සිදු කිරිමට නියමිතය.
තරගාවලියේ සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයන් ලෙස වොලිබෝල් සම්මේලනයේ සභාපති විදේශ රැකියා ප්‍රවර්ධන සහ සුභ සාධන ඇමති ඩිලාන් පෙරේරා සහභාගි වන ඩයලොග් ආසියාටා සමාගම වෙනුවෙන් එම අවස්ථාවට ප්‍රධාන විධායක නිලධාරී නව්ෂාඩ් පෙරේරා සහ සන්නාම තකළමණාකරු රිස්වි ෆාරුක් එක්වෙති.  

No comments: