Jan 27, 2012

ලොරියකට අදින්න කුණු ඇදෙන පාසල් බැඩ්මින්ටන් නිලවරණය ඉරිදා


සුගිය කාලයේ මූල්‍ය අක්‍රමිකතා ඇතුළු විශාල චෝදනා රැසක් එල්ල වූ පාසල් බැඩ්මින්ටන් සංගමයේ නිලවරණය එළැඹෙන ඉරිදා කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවත්වීමට නියමිත බව සුපිරි ක්‍රීඩා වෙත වාර්තා වේ.එම චෝදනා වලට ඉලක්ක වූ පාසල් බැඩ්මින්ටන් සංගමයේ ලේකම් වරයා එක දිගට තමාට එල්ල වන චෝදනා නිසා මෙන්ම එම ධුරය දැරීමට එක දිගට හැකියාව ඇති කාලය ඉක්මවා ගිය විට ලබාගත යුතු අවසරය එම චෝදනා හේතු කර ගනිමින් නොලැබෙන නිසා ද මෙවර නිලවරණයට ඉදිරිපත් නොවී ඔහු ගේ හිතවතෙකු ලේකම් ධූරයට ඉදිරිපත් කිරීමේ උත්සාහයක නිරත ව සිටීන බව  එම වාර්තා සදහන් කරයි.
වත්මන් ලේකම්වරයා සමග එකටම කටයුතු කළ පසුගිය කාලයේ යම් විරසකයක් පෙන් වූ එම පුද්ගලයාට වර්ථමාන පාසල් ක්‍රීඩා අධ්‍යක්ෂවරයාගේ සෙනෙහස නොඅඩුව ලැබීම එයට හේතුව ලෙසද දැන ගන්නට ඇත.පාසල් සංගමයට චෝදනා එල්ල වූ වීට එම සංගමය තරගාවලි සැළසුමක් සකස් කර ගැනීම සදහා රුපියල් 30,000 ක මුදලක් වියදම් කර අසාමාන්‍ය ලෙස මුදල් ගසා කෑමක් කර තිබෙන බව පෙනෙන්නට තිබෙන බව අධ්‍යක්ෂවරයා පැවසුව ද,පසුව එම තරගාවලියේ තරග ලේකම් ලෙස මෙවර නිලවරණයට ඉදිරිපත් වූ පුද්ගලයා කටයුතු කර තිබෙන බව දැන ගත්විට චෝදනා එල්ල කළ පුද්ගලයාට චෝදනා එල්ල කිරීමට අයිතියක් නැති බව කියමින් පරීක්ෂණයක් කිරීම මග හැරීය.
නමුත් මෙම නිලවරණයේ දී නිලවරණ දිනය තෙක් වත්මන් ලේකම්වරයා ගේ පාර්ශවය නියෝජනය කරන බව පෙන්වමින් සිටින පිරිසක් ඉරිදාවන විට විරුද්ධ පාර්ශවයට සහය දෙමින් වත්මන් පරාපාලනයේ පවතින දුර්වලතා සහ කරන ලද අක්‍රමිකතා ද මෙම නිලවරණය ආශ්‍රිත සැළසුම් ද සම්පූර්ණයෙන් හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බව ද එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.මේ තත්ත්වය මත වත්මන් ලේකම්වරයා ගේ සේවා ස්ථානය වන නිසා මේ චෝදනා එල්ල කරන්නන්ගේ ආරක්ෂාව පිළිබදව ගැටළුවක් ඇති වීමේ ඉඩකඩක් පවතින බව පෙන්වා දෙන මෙම නිලවරණයට ඉදිරිපත් වන සෙසු පිරිස් මරදාන පොලිසියට නිලවරණය වෙනුවෙන් ආරක්ෂාව ලබා දෙන ලෙස ඉල්ලීමක් කිරීමට නියමිත බව ද එම ආරංචි මාර්ග පැහැදිළි කරයි.

No comments: