ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමණාකරු ලෙස කටයුතු කළ හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට්
නායකයෙකු වන අනුර තෙන්නකෝන් වෙනුවට එම තනතුර සදහා චරිත් සේනානායක පත් කිරීමට ක්‍රිකට්
පරිපාලනය තීරණය කර ඇත.ශ්‍රී ලංකාව වෙනුවෙන් කෙටි කාලයක් ටෙස්ට් ක්‍රීඩකයෙකු ලෙස
දක්ෂතා පෙන් වූ චරිත් සේනානායක කොළඹ ආනන්ද විද්‍යාලය හරහා ක්‍රිකට් පිටියට පා තැබූ
අතර ක්‍රීඩකයෙකු ලෙස කොළඹ සීසීසී ක්‍රීඩා සමාජය නියෝජනය කළේය.
එසේම මීට පෙර සුපිරි ක්‍රීඩා හෙළි කළ පරිදි කණ්ඩායමේ නව පුහුනුකරු ලෙස
ඕස්ට්‍රේලියා සංචාරය සදහා එක් වන්නේ දකුණු අප්‍රිකානු ජාතික ග්‍රෙහැම් ෆෝඩ් ය.කලක්
දකුණු අප්‍රිකානු ජාතික කණ්ඩායම පුහුණුකළ ෆෝඩ්,ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස
පත් වීමට ප්‍රථම දකුණු අප්‍රිකාවේ ඩර්බන් ඩොල්පින් කණ්ඩායමේ පුහුණුකරු ලෙස එම
කණ්ඩායම ජය මාවතට අවතීර්ණ කිරිමට කටයුතු කරමින් උන්නේය.
No comments:
Post a Comment