Jan 14, 2012

‘හීලේ’ යළි උණුසුම් වෙයි -පකිස්තානයෙන් අමිල ජයක් ගෙනා ‘අමිල’ පරදියි


කුත් වසරේ ජාතික බොක්සිං සූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වූ ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ සමිත් හීල්බත්දෙණිය පසුගිය තරග සමයේ යම් පසුබෑමක් පෙන් වුව ද 85 වන ජාතික බොක්සිං තරගාවලියේ තෙවන දිනය වූ ඊයේ එම ඉසව්වේ වර්ථමානයේ සිටින ප්‍රබලතම ක්‍රීඩකයෙකු වන ශ්‍රී ලංකා නාවික හමුදාවේ සිසිර කුමාරසිංහ ව අවසාන පූර්ව තරගයේ දී පරාජය කරමින් අවසාන තරගයට පිවිසෙන්නට සමත් විය.ඉතා තියුණු මුහුණු වරක් ගත් එම තරගයේ ප්‍රථම වටයේ දී හිල්බත්දෙණිය ඉදිරියට පැමිණිය ද දෙවන වටයේ දී යළි සිසිර ඉදිරියට පැමිණ අවසාන විනාඩි 4 ආරම්භ වන විට තරගයේ පෙරමුණ ගෙන සිටියේය.නමුත් අවසාන තරග වටයේ දී යළි තරගය සියතට ගත් හීල්බත්දෙණිය පහර පිට පහර එල්ල කරමින් අවසාන තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේය.
නමුත් දවසේ වටිනාම ජයග්‍රහණය අත්කර ගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එස්එම්ආර් කුමාර,පකිස්තානයේ බෙනාසීර් භූතෝ අනුස්මරණ බොක්සිං තරගාවලියේ ලෝකඩ පදක්කමක් දිනූ අමිල නුවන් අධිකාරී ඉතා තියුණු තරගයකින් පසුව පරාජයට පත් කිරිමට සමත් විය.සුළු ආබාධයක් සමග තරග වැදුණු බැවින් ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ‘අමිල නුවන්’ක්‍රීඩා රටාවේ යම් පසුබෑමක් පෙන්වුව ද කුමා ගේ තරගකාරිත්වය ඉතා ඉහළ මට්ටමක පැවතිණි.
අද තරගාවලියේ අවසාන තරග සදහා පිවිසෙන විට මෙවර තරගාවලියේ වැඩි ගෞරවය මේ වන විට දිනා ගන්නට ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය සමත්ව සිටින අතර බර පංති 10 අවසන් තරග හතකටම ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජයේ ‘ඒ’ ක්‍රීඩකයෝ සුදුසුකම් ලබා සිටිති. ශ්‍රී ලංකා යුධ හමුදා ඒ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 4 ක් ඉදිරියට පැමිණ සිටින අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරන ක්‍රීඩකයන් තිදෙනෙකු ද ඒ අතර වෙති.ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගන්ධාරා ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් අවසන් තරග සදහා ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සුදුසුකම් ලබා සිටිති.
කාන්තා අංශයේ අවසාන පූර්ව තරග වල දී මාස් සදර්න් ඒ ක්‍රීඩිකාවෝ කැපී පෙනෙන දස්කම් පෙන්වූ අතර අද දවසේ පැවත්වෙන අවසාන තරග වල දි වැඩි නියෝජනයක් එම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩිකාවන් වෙතින් දකින්නට ලැබෙනු ඇත.මෙවර පළමු වරට පැවත්වෙන ඔලිම්පික් කාන්තා බොක්සිං ඉසව්ව නියෝජනයට අදාළ බර පංති වලින්  සිය බර වෙනස් කර ගත් ක්‍රීඩිකාවෝ වැඩි පිරිසක් තරග කිරිමට උත්සාහ ගැනිම කැපී පෙණුන සිදු වීමක් විය.මේ නිසාම ගෙවුණු ලේට්න් ක        සලාන බොක්සිං තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව වූ නිලූකා කරුණාරත්න ට එරෙහිව කිසිදු ප්‍රතිවාදිණියක් දක්නට නොලැබුණු අතර ඒ අනුව ඇය නියෝජනය කරන කිග්‍රෑ. 64 බර පංතියේ ජය ඇයට නිතරගයේන්ම හිමි විය.  
 මේ සමග ඇති ඡායාරූපයේ දැක්වෙන්නේ 84 වන ජාතික බොක්සිං තරගාවලියේ දී හීල්බත්දෙණිය දක්ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ලබා ගත් අවස්ථාවයි

No comments: