ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය
සදහා බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් කේවල ඉසව් සදහා සහභාගි වන තරගකරුවන් කවරේද යන්න
තීරණය කිරීමේ දී පළමු අවස්ථාව හිමි වන්නේ පළමු සිව්දෙනා අතර එක රටකින් තිදෙනෙකු
සිටින්නේ නම් එම තිදෙනාට වුවත් මේ වන විට කිසිදු රටකට එම අවස්ථාව දිනා ගැනීමට නොහැකි
තත්ත්වයක් උද්ගත වී තිබෙන බව පැහැදිළි වෙයි.පළමු සිව් දෙනා අතර මැලේසියානු
ජාතිකයෙක්,චීන ජාතිකයන් දෙදෙනෙක් සහ ඩෙන්මාර්ක් ජාතිකයෙක් සිටින අතර පස්වන ස්ථානයේ
සිටින චීන ක්‍රීඩකයා සහ ඩෙන්මාර්ක් ක්‍රීඩකයා අතර හිමි වරප්‍රසාද ලකුණු ප්‍රමානය
අතර විශාල පරතරයක් තිබෙන බැවින් මුල් සිව් දෙනා ගේ ශ්‍රේණිගත කිරීම් වෙනස් වේ දැයි
සැක සහිතය.එසේ වෙනස් වුවහොත් පමණක් චීනයට ක්‍රීඩකයන් තිදෙනෙකු නියෝජනය කිරීමේ
අවස්ථාව හිමිවිය හැකිය.
ඔලිම්පික් සුදුසුකම් ලැබීම
සදහා වන දෙවන වරප්‍රසාදය වන මුල් 16 දෙනා අතර එක රටක් නියෝජනය කරන ක්‍රීඩකයන්
දෙදෙනෙකුට අවස්ථාව ලැබීම දිනා ගැනීම සදහා මේ වන විට මුල් 16 දෙනා අතර ක්‍රීඩකයින් දෙදෙනා
බැගින් රැදෙන චීනය,කොරියාව,ජපානය,ඉන්දුනීසියාව සහ ඩෙන්මාර්කයට අවස්ථාව හිමිවන ලකුණු
දැකිය හැකිය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
ජගත් ශ්‍රේණිගත කිරීම්වල 77 වන ස්ථානයේ පසුවන නිලූක කරුණාරත්න ට එක් රටකට එක්
අයෙකුට බැගින් හිමිවන ස්ථානයක් දිනා ගැනීමට
විශාල ඉඩ කඩක් ඇති අතර ඔහු ට ඉදිරියේදී ජාත්‍යන්තර තරග නියෝජනය කිරීමට
ලැබෙන අවස්ථාවන් අනුව සිය ශ්‍රේණිගත කිරීම් කළමණාකරනය කර ගනිමින් මෙම අවස්ථාව දිනා
ගැනීම සදහා පසුබිම සකස් කිරීමට මෙරට ක්‍රීඩා බලධාරීන් ගේ අවධානය යොමු විය යුතුව
ඇත.
No comments:
Post a Comment