අද (ජනවාරි 11)කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඇරඹෙන 85 වන ජාතික බොක්සි
තරගාවලියට ක්‍රීඩකයන් 110 ක් සහ ක්‍රීඩිකාවන් 52 දෙනෙකු ඉදිරිපත් වන බව ශ්‍රී ලංකා
ආධුනික බොක්සිං සම්මේලන ලේකම් මහේෂ් දහනායකගෙන් කරන ලද විමසීමකදී දැන ගන්නට
ලැබිණ.අද සිට 14 වන දා පැවත්වෙන මෙවර ජාතික බොක්සිං තරගාවලියේ මූලික වටයේ පිරිමි
අංශයේ තරග 11 වන දා ඇරඹෙන අතර 12 වන දා කාන්තා අංශයේ තරග ආරම්භ වේ.
ධර්මසිරි වීරකෝන්
ආධුනික බොක්සිං සම්මේලනයේ ආරම්භක වර්ෂය ලෙස ගැනෙන 1926 වසරේ දී ම ඇරඹි මෙම
ජාතික සූරතා තරගාවලිය 84 වන වරට පැවත් වූ අවස්ථාවේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස ස්ලිම්
ලයින් ක්‍රීඩා සමාජයේ සමිත් හීල්බත්දෙණිය ත් දක්ෂතම පරාජිතයා ලෙස ශ්‍රී ලංකා නාවික
හමුදාවේ සිසිර කුමාරසිංහත් සම්මානයට පාත්‍ර වුණා.කාන්තා අංශයේ දක්ෂතම ක්‍රීඩිකාව
වූයේ ශ්‍රී ලංකා යුධ හමුදාව නියෝජනය කළ නිලූකා කරුණාරත්න යි.හිදී දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව
වූයේ ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කළ නිරංජලා සේනානායකයි.
නව බොක්සිං පුනරුදය යටතේ නිරන්තරයෙන් කතා බහට ලක් වූ නිශාන්ත
වලිසුන්දර,අනුරුද්ධ රත්නායක,මංජු වන්නිආරච්චි මෙන්ම නයනජිත් ඇලෙක්සැන්ඩර් වැනි ක්‍රීඩකයන්
දක්ෂතම ක්‍රිඩකයා ලෙස කිරුළු පැළදි මෙම තරගාවලියේ ඉතිහාසය සසදද්දී ද මෙරට බිහිකළ
සුවිශේෂීම බොක්සිං ක්‍රීඩකයන් මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක සම්මානයට පාත්‍ර වී
තිබෙන බව පැහැදිළි වෙනවා.ඒ අතර අල්බට් පෙරේරා,ධර්මසිරි වීරකෝන් ගේ ඉතිහාසයේ සිට
ජගත් නෙත්තිකුමාර වැනි ක්‍රීඩකයන් දක්වා වූ කාලය අදාළ වෙනවා.
වර්ථමානයේ බොක්සිං පිටියේ ප්‍රබලතම ප්‍රතිමල්ලවයන්ව සිටින පන්නල
ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය මෙන්ම ශ්‍රී ලංකා යුධ හමුදාවද මෙම තරගාවලියේ දී සූරතාවය
සදහා ප්‍රබල තරගයක් දිය හැකියි.ගෙවුණු දෙසැම්බරයේ දී මෙම කණ්ඩායම් අතර තියුණු
තරගයක් පල්ලෙකැලේ ලීනියා ක්ලෝතින් හී දැක ගන්නට ලැබුණු අතර එහිදි යුධ හමුදාව
සූරතාවය අත් කර ගන්නට සමත් වුණා.ඒ වන විට පකිස්තානයේ විශේෂ පුහුණුවකට සහභාගි වී
සිටි දක්ෂ ක්‍රීඩකයන් රැසක මෙම තරගාවලියට එක්වන නිසා තරගාවලිය වඩාත් තියුණු
මුහුණුවරක් ගනු ඇතැයි අපේක්ෂා කළ හැකියි.ඒ අතර පකිස්තානයේ බෙනාසීර් බූතෝ අනුස්මරණ
බොක්සි තරගාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමකින් ගෞරවය දිනා දුන් ස්ලිම්ලයින්
බොක්සිං ක්‍රීඩා සමාජයේ අමිල නුවන් ද වෙනවා.
මෙම තරගාවලියේ කාන්තා අංශයේ ජයග්‍රාහිකාවන් පිළිබදව විශාල අවධානයක් යොමුවන
අතර ඔවුන්ගේ ජයග්‍රහණ මෙන්ම තාක්ෂාණුකූල ක්‍රීඩා රටාව දෙසද අවධානය යොමු කරමින්
මොංගෝලියාවේ පැවත්වීමට නියමිත ආසියාතික කාන්තා බොක්සිං තරගාවලියට ක්‍රීඩිකාවන්
තෝරා ගැනීමට මෙම තරගාවලිය හරහා බලාපොරොත්තු වෙනවා.තරගාවලිය දින පතා පස්වරු 3.00
සිට ආරම්භ විමට නියමිත අතර සමාප්ත සමාචාර උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ක්‍රීඩා
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එක්වන අතර වර්ථමාන බොක්සිං පුනරුදයේ නිර්මාණශීලී
පුරෝගාමියා වන ඩයන් ගෝමස් මෙන්ම තරගාවලියට අනුග්‍රාහකත්වය දක්වන ඒ ආන්ඩ් ඊ සහ මාස්
ආයතන නියෝජතියන්ද ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වීමට නියමිතව සිටිනවා.
No comments:
Post a Comment