Jan 10, 2012

ඇමති මහින්දානන්ද ගෙන් පාපන්දුවට තද පහරක්


විශාල ධනස්කන්ධයක් වැය කළද එහි නිසි ප්‍රතිපල දකින්නට නැති බව වසරක ක්‍රීඩාව පිලිබදව සමාලෝචනය කිරීමට කැද වූ මාධ්‍ය හමුවේ දී අමාත්‍ය මහින්දානන්ද අළුත්ගමගේ පැවසීය.පාපන්දු සම්මේලනයට අනුයුක්තව සිටින නිලධාරීන් රුපියල් ලක්ෂ ගණනින් වැටුප් ලබා ගත්තද එහි ප්‍රතිපලය ක්‍රීඩාවේ යහපතට හේතු වී නැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා දිනෙන් දිනම පාපන්දු ක්‍රීඩාව කඩා වැටෙමින් ඇති බව පැවසීය.
නැවත වරක් ක්‍රිකට් මූල්‍ය අර්බූදය පිළිබදව කරුණු පැහැදිළි කළ ක්‍රීඩා අමාත්‍යවරයා එය තාවකාලික එකක් බව පැහැදිළි කළේය.මාර්තු මස සිට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ලැබෙන්නට නියමිත මුදල් ලැබුණු පසු එය විසදෙනු ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.මාධ්‍යවේදීන් ගේ ගැටළුව වූ ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනයෙන් ලැබිය යුතු මුදල ලැබෙන තෙක් පවතින අර්බූදය නිර්මාණය වෙමින් ක්‍රිකට් ආයතනය සතුව පැවති මූල්‍ය ස්ථාවරය විනාශ වීම පිළිබදව අමාත්‍යවරයාගෙන් පැහැදිළි කිරීමක් සිදු වුණේ නැත.
www.supirikrida.com

No comments: