කෙන්යාවේ එඩ්වින් සෝයි ජයග්‍රණයකින්
වසර අරඹමින් ඉතාලියේ පැවති 55 වන කැම්පැකියෝ ජාත්‍යන්තර රට හරහා දිවීමේ තරගය ජය
ගත්තා.ඉතා උණුසුම් මුහුණුවරක් ගත් මෙම තරගයේ අවසානය දැඩි තරගකාරී ස්වරූපයක් ගත්
අතර එඩ්වින් මෙන්ම කෙන්යාවේම වින්සන්ට් චෙප්කොක් සහ ඉතියෝපියාවේ කින්දෙ අටනාවු අතර
කරට කර සටනක් ප්‍රදර්ශනය වුණා.ඒ අතරින් සෝයි හා සමානව විනාඩි 29:13 ක කාලයක් වාර්තා කළ චෙප්කෝයි තරගයේ
දෙවැනියා වූ අතර ඊට තත්පරයකට පිටුපසින් සිටි ඉතියෝපියාවේ අටනාවු තෙවැනි ස්ථානය
දිනා ගත්තා.
කාන්තා තරගයේ ජයග්‍රහණයේ
ගෞරවය ද කෙන්යාවට දිනා දුන් මර්සි චෙරොනෝ (විනාඩි 19:26) සහ සිල්වියා කිබෙට්
(19:47) තරගයේ ප්‍රථම ස්ථානය සහ දෙවන ස්ථානය දිනා ගත්තා.පිරිමි තරගයේදී මෙන්ම මෙම
තරගයේද තෙවන ස්ථානය ඉතියෝපියාවට හිමි වූ අතර ඇෆෙරා ගෝඩ්ෆේ ඉතියෝපියාවට එම ගෞරවය
දිනා දෙමින් විනාඩි 19:49 කින් තරගය අවසන් කරන්නට සමත් වුණා.
No comments:
Post a Comment