වත්මන් උස පැනීමේ ලෝක සූරිය වන රුසියාවේ ඇනා චිකරෝවා රුසියාවේ හිටපු උස පැනීමේ සූරයෙකු වන යුරී ලුකාස්විච් අනුස්මරණය කරමින් පැවති තරගයක දී වසරේ ප්‍රථම ජයග්‍රහණය වාර්තා කළේ මීටර් 2.00 ක දක්ෂතාවයක් දක්වමින්ය.මෙම ඉසව්වේ ලෝක වාර්තාව (මී.2.09) මේ වසරේ අගෝස්තු 30 දා රිදී ජුබිලියට පිවිසෙන අතර (වසර 25 ) එහි හිමිකාරිණිය වන්නේ බල්ගේරියාවේ ස්ටෙෆ්කා කොස්ටඩිනෝවා ය.
යුරෝපීය උස පැනීමේ සූරයා වන මීටර් 2.36 ක දක්ෂතාවයක් දක්වා ඇති ඇලෙක්සැන්ඩර් සස්ටොව් (මී.2.36) ගේ ද පුහුණුකරු වන ඇනා ගේ පුහුණුකරු යුවජිනි සුහර්ල්කෝ පවසන්නේ ඇනා වසර ආරම්බ කළ ආකාරය සම්බන්ධයෙන් තමන් අතිශයින් සතුටට පත් වන බවය.ඔහු ලෝක වාර්තාව පිළිබදව අදහස් දැක්වීමක් නොකළ අතර ඔහු ප්‍රකාශ කළෙ මෙම ඔලිම්පික් වර්ෂය ජයග්‍රාහී වසරක් වනු ඇති බව සහ ඇය මීටර් 2.05 ක දක්ෂතාවයක් මෙම වසර තුළ දක්වන බවට තමා විශ්වාස කරන බව ය.
www.supirikrida.com

No comments:
Post a Comment