එස්තෝනියාවේ ක්‍රියාත්මක යොනෙක්ස් ජාත්‍යන්තර බැඩ්මින්ටන් සූරතාවලියේ අර්ධ අවසන් පූර්ව තරග සදහා සුදුසුකම් ලැබූ නිලූක කරුණාරත්න අද එම තරගයේ දි ඊශ්‍රායලයේ මීසා සිල්බර්මන් ට එරෙහිව තරග වැදීමට නියමිතය.වර්ථමානයේ ලොව 74 වන ස්ථානයට ශ්‍රේණිගතව සිටින මීෂා,මෙම තරගාවලියට අදාළ ශේණිගත කිරීම් වල තෙවැන්නා ද වෙයි.
ඊයේ මෙම තරගාවලියේ මූලික තරගයේ ද එංගලන්තයේ බිජොන් සෙගුයින් ලකුණු 21 -17 සහ 21 - 18 ලෙස විනාඩි 38 ක කාලයක් තුළදී පරාජය කළනිලූක,දෙවන තරගයේ දී පරාජයට පත් කළේ බෙලිජියමේ මැක්සිමෙ මොරිල්ස් ය.මොරිල්ස් සමග පැවති තරගය පළමු තරගයටත් වඩා පහසුවෙන් ජය ගත් නිලූක ලකුණු 21 -16 සහ 21 -11 ලෙස එම තරගය විනාඩි 32 ක් තුළ අවසන් කර අර්ධ අවසාන පූර්ව වටය කරා පිවිසියේ ය.
www.supirikrida.com
No comments:
Post a Comment