ශ්‍රී ලංකාවේ ක්‍රීඩා අධ්‍යාපනික පසුබිම වඩාත් විද්‍යාණුකූල දැනුවත් භාවයකින්
පෝෂණය කිරීමට අවශ්‍යය දැණුවත් පරිසරය සකස් කිරීමට කියුබානු රජයේ සහය ලබා දීමට
කියුබානු රජය ඉදිරිපත් ව සිටියි.මේ සම්බන්ධයෙන් වන රාජ්‍යතාන්ත්‍රික ගිවිසුම ක්‍රීඩා
අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ සහ කියුබානු තානාපතිනි නිර්සියා කැස්ත්‍රෝ ගුවේරා
අතර අත්සන් තැබිණ.
මේ අනුව මලල ක්‍රීඩා,ජූඩෝ,ජිම්නාස්ටික් වැනි ක්‍රීඩා සදහා ද එකගතාවයක් ගොඩ
නැගී අතර ක්‍රීඩාව පිළිබද උසස් පාඨමාලා සහ උපාධි දක්වා වන අධ්‍යාපනික පසුබිමක් ඇති
කියුබාව, ලාකේය ක්‍රීඩක ක්‍රීඩිකාවනට ඒ අධයාපනික පසුබිම හරහා සිය දැණුම ආලෝකවත් කර
ගන්නට අවස්ථාව සළසා දීමට ද එකගතාවය ප්‍රකාශ කර ඇත.
ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් උදය සෙනවිරත්න සහ අතිරේක ලෙකම් එස්එච් හරිශචන්ද්‍ර
ද මෙම ගිවිසුම අතසන් කිරිමේ අවස්ථාවට එක්විය.
No comments:
Post a Comment