ජනවාරි 13 දා සිට 22 දා දක්වා ඔස්ට්‍රියාවේ ඉන්ස්බෘක් හී බර්ගිසෙල් ක්‍රීඩාංගණය
මූලික කරගෙන පැවත්වීමට නියමිත පළමු ශීත සෘතු යොවුන් ඔලිම්පික් තරගාවලිය සදහා
සියල්ල සූදානම් බවත් ඒ වෙනුවෙන් මුද්‍රණය කළ ටිකටි පත් 84.000 අතරින් මේ වන විටත්
ටිකට් පත් 64,000 විකිණී අවසන් බවත් තරග උළෙලේ ප්‍රධාන විධායක පීටර් බේයර්
පවසයි.අනාගතය පිළිබදව සූදානමින් 2014 සෝචි ශීත සෘතු ඔලිම්පික් උළෙලට අදාළ වන සියළු
ඉසව් ඇතුළත් කර පැවත්වෙන මෙම යොවුන් ඔලිම්පික් උළෙලට වයස අවුරුදු 14 සිට 18 දක්වා
වන යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 1,100 ක් පමණ සහභාගි වීමට නියමිතය.මෙම ක්‍රීඩක ක්‍රීඩක
ක්‍රීඩිකාවන් 1,100 රටවල් 60 ට වැඩි ප්‍රමාණයක් නියෝජනය කරමින් මෙම තරගාවලියට එක්
වෙති.
ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යයටත් විශේෂ තැනක්
ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍යවේදින්ගේ 75 වන සංවත්සරය නිමිත්තෙන් පැවත්වෙන
කොංග්‍රසයද මීට සමගැමීව පැවත්වෙන අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වන්නේ ඔස්ට්‍රියානු
ජනාධිපති හෙයින්ස් ෆිස්චර් ය.
www.supirikrida.com
www.supirikrida.com
No comments:
Post a Comment