දැල් පන්දු ක්‍රීඩාවේ දක්ෂතා ඇති සියළු ක්‍රීඩිකාවන්ට සිය දක්ෂතා මගින්
ජාතික කණ්ඩායමට පිවිසීම සදහා විවෘත අවස්ථාවක් ලබා දීමට දැල්පන්දු අතරු කමිටුව
තීරණය කර තිබෙනවා.ඒ අනුව මෙම 15 දා ශ්‍රී ලංකා ජාතික දැල් පන්දු සංචිත සදහා ක්‍රීඩිකාවන් තෝරා ගැනිම සදහා වන විවෘත
පරීක්ෂණයක් කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලීය ගාහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවත්වෙනවා.
මෙම තේරීම් පරික්ෂණ සදහා සහභාගී වන සියළුම ක්‍රීඩිකාවන් ක්‍රීඩා කිරීමට
සුදුසු ඇදුමකින් සැරසී ක්‍රීඩාවට අවශ්‍යය වෙනත් දේ ද රැගෙන 15 දා පෙරවරු 8.00 ට
පෙර ශාන්ත ජෝෂප් විද්‍යාලීය ගෘහස්ථ ක්‍රීඩාංගණයට පැමිණිය යුතු අතර තේරීමේ පරීක්ෂණ
එදින පස්වරු 5.00 දක්වා පැවත්වෙනවා.
(කොළඹ පිටකොටුවට පැමිණ මාර්ග 120,190,170 මෙන්ම 125 යන බස් රථ වලින් මරදාන
ශාන්ත ජෝශප් විද්‍යලය අසළට පැමිණිම සදහා ගමන් පහසුව සළසා ගැනිමට හැකියි.)
No comments:
Post a Comment