Jan 12, 2012

ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් යළි අශෝබන සංදර්ශනයක්


ශ්‍රී ලංකාව ජාත්‍යන්තර එක්දින පිටියේ ලබාගත් අඩුම ලකුණු ගණන (43) සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමක් ජාත්‍යන්තර එක්දින පිටියේ ලැබූ දැවන්තම ලකුණු පරතරය (258) සහිත පරාජයත් සටහන් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ දකුණු අප්‍රිකාවට දැවැන්ත ජයක් අත්කර දුන්හ.දකුණු අප්‍රිකා කණ්ඩායමක් ලැබූ විශාලතම ලකුණු පරතරය සහිත පරාජ හා සසදද්දී මෙම පරාජය දෙවැනි වන්නේ ඔවුන් සිම්බාබ්වේ ට එරෙහිව ලද ලකුණු 272 ක දැවැන්ත ජයට පමණි.
ඒ අනුව ගත් විට දකුණු අප්‍රිකාව ලද එම ජය ද නවසීලන්තය අයර්ලන්තයට එරෙහිව ලබා ඇති ලකුණු 290 ක ජයට ද පමණක් පසුපසින් වන මෙම පරාජය ලොව විශාලතම ලකුණු පරාජයක් සහිතව  ලද තෙවන පරාජය හැටියට ඉතිහාසයට එකතු වෙනවා.එසේම කණ්ඩායමක් ලද අඩු ලකුණු සංඛ්‍යාව හා සසදද්දී මීට පෙර ශ්‍රී ලංකාව සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 35 ට සහ 38 ක ට දවාලීමත් ශ්‍රී ලංකාවම කැනඩාව ලකුණු 36 ට දවාලීමටත් පසුව කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට දැවී ගිය අවස්ථාව ලෙස ද මෙම තරගය ඉතිහාසයට එකතු වෙනවා.
මෙම තරගයට ප්‍රථම අඩු ලකුණු ගණන් ලෙස සටහන් වූ ලකුණු ප්‍රමාණයන් අතර ශ්‍රී ලංකාවට එරෙහිව කැනඩාව ලකුණු 36 ට දැවී යාමද මෙම බෝලන්ඩ් පාක් පිටියේ දීම සිදුවීමත් විශේෂ අවස්ථාවක් වුණා.( http://www.espncricinfo.com/ci/engine/match/65251.html )
ඊයේ තරගයේ දී කාසියේ වාසිය දකුණු අප්‍රිකා එක්දින කන්ඩායම මෙහෙයවීම පළමු වරට හිමි වූ ‍බෙන්ජමින් ඩිවිලියර්ස් සතු වුණා.ලකුණු බහුලව දකින්නට ලැබුණු තණතිල්ලෙන් උපරිම ප්‍රයෝජන ගන්නට දෙවරක් නොපැකිලුණු ඩිවිලියර්ස් පන්දුවට පහර දිමට තීරණය කළ අතර එම තීරණයට ප්‍රශ්ණාර්ථයක් එක් කළ ග්‍රෙහැම් ස්මිත් මුළු ලකුණු ප්‍රමාණය 9 ක් වෙද්දී ලකුණු 6 ට දැවී ගියා.නමුත් ඉන් අනතුරුව දෙවන කඩුල්ල සදහා අභියෝගයකින් තොර වූ ශ්‍රී ලංකා පන්දු යැවීම ඉදිරියේ හසීම් අම්ලා සහ ජැක් කලිස් ලකුණු 142 ක සබදතාවයක් ඇති කළ අතර මහේල ජයවර්ධන විසින් ප්‍රදර්ශනය කළ අති විශිෂ්ඨ පන්දු රැකීම හේතුවෙන් ජැක් කලිස් ගේ ඉණිම ලකුණු 72 ක් ලබා ගෙන සිටිය දි අවසන් වුණා.
කලිස්ගේ දැවී යාමෙන් පසුව පිටියට බට නව නායක ඩිවිලියර්ස් ඉතා ප්‍රවේගකාරී ලකුණු 52 ක් එක් කළ අතර තරගයේ අවසාන පනදු ඕවර් 10 සහ විශේෂයෙන් 5 තුළ පන්දු යැවීමේ රිද්මය සොයා ගත් ශ්‍රී ලංකා පන්දු යවන්න් ඕවර් 50 හමාර වන විට දකුණු අප්‍රිකාවට කඩුලු 8 ක් අහිමි කළේ ලකුණු 301 දී දකුණු අප්‍රිකානු ලකුණු පූවරුව නවතා තබමින්.ලසිත් මාලිංග ලකුණු 54 ට කඩුලු 5 ක් දවා ගත් අතර නුවන් කුලසේකර ලකුණු 50 ට කඩුලු 1 ද අජන්ත මෙණ්ඩිස් ලකුණු 54 ට කඩුලු 1 ක් ද දවා ගත්තා.මෙම තරගයේදී ද දස්කමක් දක්වන තුරුම කණ්ඩායමේ රැදී සිටීමේ අපූරු භාග්‍යවන්තයා වන දිල්හාර ප්‍රනාන්දු පන්දු ඕවර් 9 ලකුණු 65 ක් ලබා දුන්නා.එසේම පිතිකරුවන් ලෙස ස්තාවරව සිටියදී පන්දු යැවීමට පවර් ප්ලේ අවස්ථාවේදි අජන්ත මෙණ්ඩිස් කැදවීමට ගත් උත්සාහය ද පලදායී නොවුණු අතර අජන්ත තරගයේ අවසාන මොහොතේ පන්දු යවමින් තර්ජනයක් එල්ල කළා.
ලකුණු තිබෙන තණතිල්ලක් බවට විචාරකයන් පුන පුනා කී පර්ල් හී බෝලන්ඩ් පාක් තණතිල්ල ඒ ආකාරයෙන් ප්‍රයෝජනයට ගැනිමට ශ්‍රී ලංකා පිතිකරුවන්ට හැකියාවක් නොලැබි අතර ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ ඩිල්ෂාන් ට සහ උපුල් තරංග ට පන්දු දෙක බැගින් පමණක් මුහුණ දීමට අවකාශ සැළසූ දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ ලකුණු ලබා ගැනීමට අවස්ථාවක් නොදීම ක්‍රීඩා පිටියෙන් ඉවත් කළා.අනතුරුව සංගක්කාර,මහේල ,චන්දිමාල් සහ මැතිව්ස් ද ඉලක්කම් දෙකේ සීමාවට එන්නට පෙරතුව ඉවත් කළ දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් අතරින් මෝනි මෝකල් ලකුණු 10 ට කඩුලු 4 දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයට ද හිමිකම් කීවා.
ශ්‍රී ලංකා පිතිකරුවන් අතරින් ඉලක්කම් දෙකේ සිමාවට පිවිසි එතම පිතිකරුවා වූ කෝසල කුලසේකර(19) නොවන්නට ඊයේ ශ්‍රී ලංකාවට කණ්ඩායමක් අඩුම ගණනකට දවා ගැනීමේ තමන් සතු ගෞරවය දකුණු අප්‍රිකාවට පවරා අඩුම ලකුණු ගණනට දැවී ගිය කණ්ඩායම ලෙස ඉතිහාසයට එක් වන්නට තිබුණා.
තරගයේ ලකුණු විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගැනීමට හැකියාව තිබෙනවා. http://www.espncricinfo.com/south-africa-v-sri-lanka-2011/engine/current/match/514035.html

No comments: