Jan 9, 2012

සචිත් ‘පෙට්සා’ යටතට

 

ශ්‍රී ලංකා ජාතික හෙල්ල විසි කිරිමේ සූරයා වන සචිත් මධුරංග පින්ලන්තයේ කොර්තාන් අධි ශ්‍රේණි පුහුණු කදවුරේ වැඩිදුර පුහුණුව සදහා එහි හෙල්ල වීසි කිරීමේ පුහුණුකරු ලෙස කටයුතු කරන පෙට්රි පීරොනන් යටතට පත් කර ඇත.පෙට්සා යන සුරතල් නාමයෙන් හදුන්වන ඔහු හෙල්ල වීසි කිරීමේ ක්‍රීඩකයෙකු ලෙස පින්තන්තය නියෝජනය කළ ක්‍රීඩකයෙකි.33 හැවිරිදි පෙට්සා ක්‍රීඩකයෙකු ලෙස දක්වා ඇති උපරිම දක්ෂතාවය පීටර් 76.38 කි.
වීසිකිරීමේ සහ සාමුහික ඉසව් පුහුණු කිරීමට ජගත් මලල ක්‍රීඩා සම්මේලනය අධි ශ්‍රේණියේ පුහුණු කදවුරක් ලෙස නම් කර ඇති මෙම පුහුණු කදවුරේ වීසි කිරීම් පුහුණුකරුවන් ලෙස ජේන් ඇලිනි (කවපෙත්ත),ආර්ටෝ පින්ටා-ආඩෝ(මිටිය) සහ පෙට්සා සහ හැනූ කැන්ගාස් (හෙල්ල) වීසි කිරීමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරති. 

No comments: