Jan 14, 2012

අද අවමානයේ කැළල් වසා ගැනීමේ අරමුණෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඊස්ට් ලන්ඩන් වෙත


කුණු අප්‍රිකාවට එරෙහි එක්දින තරගාවලියේ පළමු වැන්නෙන් වාර්තාගත දැවැන්ත පරාජයක් අත් කර ගත් ශ්‍රී ලංකාව අද ඊස්ට් ලන්ඩන් වෙත යන්නේ එම පරාජයේ අවමානය ජයග්‍රහණයකින් අකාමකා දැමීමේ දැඩි උවමනාව සමගින් බව තිලකරත්න ඩිල්ෂාන් පවසයි.නමුත් මේ වන විට කණ්ඩායම අභ්‍යන්තරයේ ගැටුම් උත්සන්න වෙමින් පවතින බව වාර්තා වන අතර මේ විවිධ වූ බලපෑම් නිසා ඇතැම් ක්‍රීඩකයන්ට කුමන මට්ටමක සිටිය ද කණ්ඩායමේ ස්ථානයක් දිනා ගැනීමේ අවස්ථාව පෑදී ඇති බව ද වාර්තා වේ.ඒ නිසාම අද ද අසාර්ථක දිල්හාර ප්‍රනාන්දු ට කණ්ඩායමේ ස්ථානයක් හිමි වීමට ඉඩ ඇති අතර කණකැස්බෑවා විය සිදුරෙන් අහස බලන්නා සේ සාර්ථක වන දිල්හාරට ඉදහිට සාර්ථකත්වයක් පෙන්වීම විශාල කාලයකට කණ්ඩායමේ ස්ථානය රැක ගැනීමට තරම් ප්‍රබල හේතුවක් වීම හාස්‍යජනක ක්‍රියාවක් බවට පෙරලෙමින් ඇත.
එසේම තිලකරත්න ඩිල්ෂාන් ගේ නායකත්වයට එල්ල වන පීඩනය ද එන්න එන්නම දැඩි වෙමින් පවතින අතර ඒ පීඩනය හේතුවෙන් ඩිල්ෂාන් ගෙන් කණ්ඩායමට පිතිකරුවෙක් ලෙස ලැබෙන දායකත්වය ද හින වෙමින් තිබේ.මේ සියල්ලෙන් ගොඩ ඒමට අවශ්‍යය ජයග්‍රහණය ඩිල්ෂාන්ටත් වඩා වැදගත් වන්නේ ටෙස්ට් තරග වලදී මෙන්ම එක්දින තරග වලදී ද ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වර්ගීකරණයෙන් බලා සිටිය දී පහතට රූටා එමින් තිබිමය.

No comments: