අවුරුදු 3ක් පුරාවට සිය මව්බිමේ දී ටෙස්ට් තරගාවලියක් ජය ගන්නට බලා සිටි
දකුණු අප්‍රිකාවට එම ජයග්‍රහණය ඉණිමක පරාජයන් දෙකක් සමග භුක්ති විදින්නට තිබූ
අවස්ථාව අහිමි කළ තිලාන් සමරවීර ගේ ධෛර්‍යවන්ත ශතකය නිසා ශ්‍රී ලංකාව විදින්නට ගිය
ඉණිමක පරාජයේ වර්ගපලය කඩුලු 10 ක පරාජයක් දක්වා අඩු කර ගන්නට හැකිවිය.මෙම
තරගාවලියේ දෙවන ශතකයත් ලැබූ සමරවීර ශ්‍රී ලංකා දෙවන ඉණිම ලකුණු 342 ට සීමා වෙද්දී
සමරවීර ලකුණු 115 ක් සමග නොදැවී කඩුල්ලේ රැදී සිටියේය.
සමරවීර සහ ඇන්ජලෝ මැතිව්ස් (63) සමග සමරවීර පස්වන කඩුල්ල වෙනුවෙන් ගොඩ නැගූ
ලකුණු 142 ක සබදතාවය නොවන්නට ශ්‍රී ලංකා දෙවන ඉණිම වඩාත් අසරණ වන්නට තිබූ අතර
දකුණු අප්‍රිකාව වෙනුවෙන් මෙම තරගයේදී යළි සාර්ථක වූ ජැක් කලිස් සිය සුපුරුදු තුන්
ඉරියව් දස්කම් ප්‍රදර්ශණය කරමින් ශ්‍රී ලංකා දෙවන ඉණිමේ කඩුලු 3 ක් ලකුණු 35 ට දවා
ගත්තේය.තරගාවලිය පුරාම අසාර්ථකව සිටි කලිස් සිය මව් ක්‍රීඩාංගණය වන කේප් ටවුන් හී
දී දකුණු අප්‍රිකානු ප්‍රථම ඉණිම කඩුලු 4 ට ලකුණු 580 දක්වා රැගෙන යන්නට වාරු
වෙමින් රැස් කළ අගනා ද්විත්ව ශතකය ද සමග පන්දුවෙන් පෑ මෙම දක්ෂතාවයද පාදක කර
ගනිමින් ඔහු තරගයේ වීරයා ලෙස නම් කළ අතර තරගාවලිය පුරාවටම ලකුණු අතර සිටි ඒබී
ඩිවිලියර්ස් තරගාවලියේ වීරයා ලෙස නම් කළේය.
ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දි පිතිකරුවන් ලෙස පෙන්වන අසාර්ථකත්වයට අමතරව
තෙවන තරගයේදී පන්දු යවන්නන් ලෙස ද අසාර්ථක බවක් ප්‍රදර්ශණය කළ අතර එය ශ්‍ර ී
ලංකාවේ ක්‍රිකට් අඅනාගතය සම්භන්ධයෙන් තව දුරටත් අවධානය යොමු කළ යුතු බවට ලද ඉගියක්
බදු විය.තරගයේ සම්පූර්න ලකුණ විස්තරය පහත සබදතාවය තෙරපීමෙන් ලබා ගන්නට හැකියාව ඇත.
No comments:
Post a Comment