![](https://lh3.googleusercontent.com/blogger_img_proxy/AEn0k_vNZk6Hu1m17DId7-qJzi45mfgS26atcJxYksKOgVhbpgufRFEzeDu7JTf4pETfD4moy_s2IskvxP9mHCV7WlWhVd5gRWqjgRsAk0pGQcITTU-OEmCkgxlPiros_8sxU6dLLVSi5g=s0-d)
බොරැල්ල සීවලි මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවන් අතර පැවත්වෙන සය සාමාජික ක්‍රිකට් තරගාවලියක් හෙට එම විද්‍යෘලීය ක්‍රීඩාංගණයේදී පැවත්වීමට කටයුතු යොදා ඇත.කොළම ප්‍රදේශයේ පැවති ප්‍රධානතම මිශ්‍ර පාසලක්ව පැවති සීවලිය පසු කාලීනව යම් බිද වැටීමකට ලක් වූ බවත් නමුත් වර්ථමාන විදුහල්පති සිඩ්නි ලොකුකුමාර මහතා සහ ඇදුරු මඩුල්ල විශාල වෙහෙසකින් යුතුව නැවත විද්‍යාලය උසස් මට්ටමකට ගෙන එමින් තිබෙන බවත් පෙන්වා දෙන මෙම තරගාවලිය සංවිධානයට උර දෙන ආදි සිසුවන් පවසන්නේ මෙවැනි අවස්ථාවක විද්‍යාලය නැංවීම සදහා දායකත්වය ලබා දීම සිය යුතුකම බැවින් සියළු ආදි සිසු - සිසුවියන් ඒකරාශි කර ගැනීමේ අරමුණෙන් මෙම තරගාවලිය සංවිධානය කරන්නට යෙදුණ බවයි.
ආදි සිසුවන් මෙන්ම සිසුවියන්ටද සහභාගි විය හැකි පරිදි කණ්ඩායම් සංයුතිය සකස් කිරීමට කටයුතු යොදා ඇති බව පෙන්වා දෙන එම සංවිධායක කමිටුව සි්‍යළුම සිවලි මධ්‍ය මහා විද්‍යාල ආදි සිසු - සිසුවියනට පෙ.ව 8.00 වන වීමට ප්‍රථම ක්‍රීඩා පිටියට වාර්තා කරන ලෙස ඉල්ලා සිටින අතර එම අවස්ථාවේදී සිය පැරණි හිත මිතුරන් හා එක් වී තමන්ටද කණ්ඩායමක් නියෝජනය කරන අවස්ථාවක් උදා කරගත හැකි බව ඔවුන් පවසයි.
www.supirikrida.com
No comments:
Post a Comment