ශ්‍රී ලංකවෙන් පමණක් නොව ආසියාවෙන්ම කෙටි දුර ඉසව්වකදී
ඔලිම්පික් පදක්කමක් දිනා ගත් එකම ක්‍රීඩිකාව වන සුසන්තිකා, මලල ක්‍රීඩිකාවක ලෙස
සිය ක්‍රීඩා ජීවිතයට සමු දීමෙන් පසුව ක්‍රීඩාව සමග නිල වශයෙන් එක් වන පළමු අවස්ථාව
මෙය වන අතර ශ්‍රී ලංකාව සිය ක්‍රීඩා තරග සංවිධාන ඉතිහාසයේ ආසියාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා
උළෙලක් සංවිධානය කරන පළමු මොහොතේදී එහි කළමණාකාරිය ලෙස කටයුතු කරන්නට ශ්‍රී ලංකාව
බිහි කළ සුවිශේෂීම මලල ක්‍රීඩිකාව ලෙස ඇයට අවස්තාව හිමි වීම අගය කළ යුතුය.
මේ වන විටත් ජගත් කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලිය සදහා අවශ්‍යය පරිසාධන මට්ටම ඉක්මවා ගිය සුපුන් විරාජ් රන්දෙණිය,(මීටර් 110 කඩුලු ) මිලාන් මධුෂ්ක (උස පැනීම) සහ මධුෂානි නිමේෂා (උස පැනීම ) ඇතුළු ජාත්‍යන්තර අත්දැකීම් සහ ජයග්‍රහණ ලැබූ කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණනාවක් මේ සංචිතයට ඇතුලත් ව සිටිති.
No comments:
Post a Comment